හෙටට යෙදෙන කම්කරු දිනය මැයි 01 පොහොය දිනයට යෙදී තිබීම නිසා දිවසින පුරා පිහිටි සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මීට පෙර කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා මැයි පෙළපාළි සහ රැලි පැවැත්වෙන නගර සීමා බල ප්‍රදේශ වල පමණක් මත්පැන් හල් වසා තැබීමට කටයුතු කළත් මෙවර මැයි දිනය දා පෝය දිනය ද යෙදීම නිසා සියලු සුරාසල් වසා තබන බට සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පවසයි.
මෙවර වෙසක් දින දෙක මැයි 30 සහ 31 ලෙස නම් කර ඇති නිසා එම දින දෙක තුළ ද මත්පැන් හල් වසා තැබෙන බව ඒ මහතා කියා සිටී.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.


