රත්නපුරේ මන්ත්‍රීවරු ඇමතිවරු රොත්තක් බිහිවුණ බවත්, රත්නපුර දුම්රිය මාර්ගය හදන්න කිසිකෙනෙක් අත තිබ්බේ නැති බවත් අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් ඔහු පවසන්නේ,

“අප ඉදිරිපත් කල අයවැය දර්ශනය කාරණා 6ක් මත විග්‍රහ කරන්න පුළුවන්. කිසිඳු ජන කොටසක් අත් හරින්නේ නැතිව ස්ථායි කිරීම මේ අතරින් එකක්. ආබාධ සහිත ප්‍රජාවට වෙන් කළ මුදල සහ ඊට පිටුපස තිබෙන ශිෂ්ටසම්පන්න දර්ශනය කොයිවගේද බලන්න. අස්වැසුම වැඩසටහන යටතේ ආබාධිත පුද්ගලයින් එක් ලක්ෂ හතලිස් දාහාකට පමණ රු.10 000 බැගින් රු. මිලියන 19 000ක් වෙන් වෙනවා. ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීම හා සනීපාරක්ෂක සැපයුම් සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන වෙන් කරනවා. මේක කොච්චර ශිෂ්ට සම්පන් තැනක්ද කියලා විපක්ෂයේ මහවරුන්ට පේන් නැත්තේ ඇයි කියල අපි එක අතකට අහන්න ඕනි නෑ. දියුණු රටවල් දියුණුයි කියන්නේ සියලු ජන ප්‍රජාවන් අත් නොහැර සමාජයේ සංවර්ධනයට හා ජන ජීවිතයට එකතු කර ගන්න නිසා.මේ වගේ ජනතාවක් අපේ රටේ පොදු ස්ථානවලදී අපහසුතාවයට පත් වෙනවා මේ අයවැයෙන් අපි ඒ අයට දැවන්ත මුදලක් වෙන් කරනවා. අදටත් සබරගමු විශ්ව විද්‍යාලයේ මගේ පීඨයේ පීඨාධිපතිතුමා හම්බෙන්න ආබාධ සහිත සිසුවෙකුට යන්න බෑ, ඒ තරම් පඩිපෙල් ගොඩක් තියනවා. ඒක දැකලා නෑ ඒක හදලා නෑ. අධ්‍යාපනය වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් වෙනවා. සබරගමු විශ්ව විද්‍යාල ඇතුළු වෛද්‍ය පීඨවලට මාහාචාර්ය ඒකකවලට මුදල් මේ අයවැයෙන් වෙන් වෙනවා. රත්නපුර දුම්රිය මාර්ගය මහා ආයෝජනයක්. රත්නපුරේ ඇමතිවරු මන්ත්‍රීවරු රොත්තක් බිහි වුණා. කිසි කෙනෙක් මේකට අත තිබ්බේ නෑ. ඡන්ද අහිමි වෙන නිසා. සබරගමු විශ්ව විද්‍යාලයට විශිෂ්ට බුද්ධිමතුන් බඳවගන්න එක කල් යන්නේ, සම්මුඛ පරීක්ෂණ අසාර්ථක වෙන්නේ යන්න මාර්ගයක් නැති නිසා. පර්යේෂණ හා සංවර්ධනයට රු.මිලියන 21ක් වෙන් කරලා තියනවා. අපේ රජය අසමත් කියලා ඒත්තු ගන්වන්න ගත් උත්සහය සාවාද්‍යයි. විපක්ෂය කියනවා හින්දු කටයුතුවලට ප්‍රතිපාදන වෙන් වුණා මඳි කියලා. අපි ජනවාරි වැඩ පටන් ගත්තේ තෛපොංගල් උත්සවය ජාතික උළෙල යාපනයට වෙන් කරලා. “

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රත්නපුර #මන්ත්‍රීවරු #ආබාධිත #අයවැය #සමාජසංවර්ධනය #දුම්රියමාර්ගය #අධ්‍යාපනය #සබරගමු #ජනතාඅයිතිවාසිකම් #විපක්ෂය

Share.
Leave A Reply

Exit mobile version