රත්නපුර මහජන පොල භූමියේ ඊයේ (23) හට ගත් ගින්න නිසා පොදු වෙළඳපොලේ වෙළඳ සැල් රාශියක් ගින්නට හසුවී විශාල විනාශයක් සිදුවී ඇති බව රත්නපුර පොලීසිය පවසනවා.

ගින්නට හේතුව තවමත් සොයාගෙන නැති අතර ගින්නෙන් මහජන වෙලඳපොලේ කඩදුමාරයෙන් වැසී ගිය අතර මහජනපොලේ දෙවන මහල සහ වැඩ අවසන්වෙමින් තිබු තුන්වන මහලේ වහලයද ගිනිගෙන කඩාවැටී තිබෙනවා.

වෙළඳුන් සහ අවට ප්‍රදේශවාසීන් සහ රත්නපුර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලදාරීන් එක්ව ගින්න නිවීමට පියවර ගෙන තිබෙනවා.
ගින්න විදුලි කාන්දුවක් නිසා හටගත්තාද නැතිනම් වෙනත් හේතුවක් නිසා ගිනි ගත්තේද යන්න පොලීසිය පරීක්‍ෂණ පවත්වන අතර මාසයකට පෙර රත්නපුර මහජන පොල ඉදිරිපිට පිහිටි වෙලඳසැලක් දෙවන වරටත් ගිනි ගෙන විනාශයට පත්ව තිබෙනවා.

රත්නපුර පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

Share.
Leave A Reply

Exit mobile version