මොරොන්තුඩුව ප්රදේශයේදී අද (26) සවස සිදුවූ රිය අනතුරකින් එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්.
පොලිස් වාර්තාවලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන්.
අනතුරින් මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය මේ වන විට ගෝනදුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

