මහනුවර සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් රවටා මැණික් හා මුදල් වංචා කර ඇතැයි චෝදනා කරමින් පුද්ගලයෙකුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇත.
මහනුවර,මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරන්ත ප්‍රනීත් මුදලිගෙදර යන පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් විශ්වාසය ගොඩනගාගෙන විදේශ මුදල් බැංකුවක රඳවා ඇති බවට පවසා ව්‍යාජ ලේඛන හා හඬ පටි භාවිතා කර ව්‍යාපාරිකයන් රවටා මුදල් සහ වටිනා දේපල ලබාගෙන ඇත.
මෙම සිද්ධි සම්බන්ධයෙන් බැංකු ආයතන සහ නීති අංශ වෙතද පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වන අතර, ව්‍යාපරිකයන් කිහිප දෙනෙකු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ද ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, මේ චෝදනා සම්බන්ධයෙන් නිල වශයෙන් නීතිමය තීරණයක් තවම ලබාදී නොමැති අතර, අදාළ පුද්ගලයාගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් ද මෙතෙක් ලැබී නොමැත.
පොලීසිය සඳහන් කරන්නේ, මෙවැනි වංචා සිද්ධිවලදී මහජනතාව සැලකිලිමත් විය යුතු බවත්, විශාල මුදල් ගනුදෙනු කිරීමේදී නිල ලේඛන සහිතව පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවත්ය.

