රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (29) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමගම ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයද නිලධාරීන් භාරයට ගැනීමටද කටයුතු කර ඇත.

සැකකරුවන් පිරිස මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඒවා ඉන්දියාවේ මුම්බායි නුවර වෙත ගෙනවිත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන විත් තිබේ.

සැකකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවක් වන අතර ඔවුන් බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ ඇසුරුම් 20ක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 20යි ග්‍රෑම් 684ක ප්‍රමාණයක් මෙහිදී නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම ගුවන් මගීන් සිව්දෙනා සහ ඔවුන් රැගෙන ආ කුෂ්” මත්ද්‍රව්‍ය තොගය අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply

Exit mobile version