ඉන්දියාවෙන් රු.මි. 2371.83ක ප්‍රදානයක් ලැබුණ බවත් ඉදිරියේදී නැගෙනහිර පළාතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ,
පසුගිය ඉන්දියානු සංචාරයේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹුණ බවත්, එක් අවබෝධතා ගිවිසුමක් ලෙස නැගෙනහිර පළාත තුළ ආංශික ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන්න ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලබා ගැනීමත් ය. නැගෙනහිර පළාතේ අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර විවිධ ක්ෂේත්‍ර සඳහා ව්‍යාපෘති ගණනාවක් කරන්න ප්රදානය ලැබුණු අතර ව්‍යාපෘති 33ක් තිබෙන බවත්, රුපියල් මිලියන 2371.83ක ඉන්දියානු ප්‍රදානයක් ඒ සඳහා ලැබී ඇත. නැගෙනහිර පළාතේ ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන බවත් වසර 3කදී මෙය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බවත් පවසා සිටියි.
තවද එහි පරිපාලන කටයුතු ආරම්භ කිරීමට නැගෙනහිර පළාතේ කාර්යාලයක් ආරම්භ කරන බවත් ඒ සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් 12ක් බඳවා ගන්නා බවත් පැවසුවේය.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ඉන්දියාව #ප්රදානය #ව්‍යාපෘති #නැගෙනහිර #අමාත්‍ය #විජිතහේරත් #සමාජය #අනාගතය #සංවර්ධනය #ශ්‍රීලංකා


