ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය නුගේගොඩ දී ආරම්භ කර තිබෙනවා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ලංකා සීනි සමාගම විසින් තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්ත්වයෙන් ඉහළ දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණින් මෙම අලෙවි ජාලය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් තත්ත්වයෙන් උසස්, දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව ලැඛෙන අතර, උක් ගොවි පවුල් දෙලක්ෂ පනස් දහසක් ශක්තිමත් කිරීමට ද අවස්ථාව උදා වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ලංකාසීනි #දුඹුරුසීනි #අලෙවිජාලය #නුගේගොඩ #කර්මාන්ත #ව්‍යවසායකත්ව #පාරිභෝගිකයන් #දේශීයනිෂ්පාදන #අඩුමිල #ගොවිපවුල්


