ජනතාව විසින් ඡන්දය ලබා දුන්නේ ජාතික ජන බලවේගයට නොවන බවත්, එම අවස්ථාවේ පැවති දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බවට ජනතාව සිතුව නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

අද, සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන්, සර්ව ජන බලවේගයේ සභිකයා රවටා ඔහුගේ සහාය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, එය ‘තුච්ඡ’ ක‍්‍රියාවක් බවත් අද (18) අයවැය විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළා.

කුමන බාධක පැමිණියද, ලැබෙන පළමු අවස්ථාවේදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ‘ගෙදර යැවීමට’ කටයුතු කරන බවත්, ඒ සඳහා කුමන කැපකිරීමක් හෝ සිදු කිරීමට තමන් සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකජනබලවේගය #දිලිත්ජයවීර #දේශපාලන #සීතාවක #අයවැය #ජනතාඅයිතිවාසිකම් #සර්වජනබලවේගය #පාර්ලිමේන්තුව #සමාජය #ඡන්දය

Share.
Leave A Reply

Exit mobile version