එළැඹෙන නුවරඑලියේ වසන්ත සැණකෙළිය නිමිත්තෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සැළසිමේ අරමුණින් නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (09) දින නුවරඑලිය නගරයේ වෙළෙඳසල් හදිසි පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

නුවරඑලිය නගරයේ ආපනශාලා, තොග සහ සිල්ලර වෙළෙඳසල්, බේකරි පරික්ෂාවට ලක් කළ අතර, මෙහිදි පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම අපිරිසිදු ආකාරයෙන් වෙළෙඳසල් පවත්වාගෙන යෑම, අපිරිසිදු ආකාරයේ ආපනශාලා පවත්වාගෙන යෑම, අපිරිසිදු ආකාරයේ ආහාර ද්‍රව්‍ය පිලියෙල කිරිම සහ ආහාර ද්‍රව්‍ය වල ලේබල් නොමැතිව අලෙවි කිරිම යන චෝදනා ගොනු කරන බවයි පවසන්නේ.

වෙළෙඳසල් හිමියන් විශාල පිරිසකට එරෙහිව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිම වැටලීමට එක් වූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබුණා.

#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version