වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28 වැනිදා සිදු කිරීමට තීරණය කර තිඛෙනවා.

ඒ අනුව, ඊට අදාළ ගැසට්‌ නිවේදනය දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය විසින් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිල මැදිරිය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් මේ වන විට එම සභාපති ධුරය පුරප්පාඩුව පවතිනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #වැලිගම #ප්‍රාදේශීයසභාව #නවසභාපති #ගැසට්නිවේදනය #දකුණුපළාත #ප්‍රාදේශීයපාලන #ලසන්තවික්‍රමසේකර #සභාපතිධුරය #සිදුවීම් #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version