වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මොහු වෙඩිතැබීමට පෙරදින වෙඩික්කරුවන් සමග ගාල්ල හා මාතර ප්‍රදේශයන් වෙත ගොස් ඇති බවද සඳහන්.

එමෙන්ම වෙඩිතැබීම සිදු වූ දින වෙඩික්කරුවන් රැගෙන පැමිණ ඇත්තේද මොහු විසින් වන අතර, ප්‍රහාරයෙන් පසු ඔවුන්ට පලායාමටද සහයෝගය ලබාදී තිබේ.

තවද වෙඩිකරුවන්ට මුදල් ලබාදී ඇත්තේද මොහු විසින් වන අතර, ඔහු ලබාදුන් සහයෝගයට ඔහුටද රුපියල් 20,000ක මුදලක් ලැබී ඇති බව සඳහන්.

ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේදී නිවසක සිටියදී තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අතර කාන්තාවක්ද සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Share.
Leave A Reply

Exit mobile version