විදුලි රථ වාහන ආරෝපණ මධ්‍යස්ථාන (charging points) දිවයින පුරා ස්ථාපිත කිරීමට චීන රජයේ අවධානය යොමු කරන්නැයි අමාත්‍ය විජිත හේරත් ඉල්ලා තිබෙනවා.
අමාත්‍යවරයා මේ යෝජනාව සිදු කළේ අද (29) පෙරවරුවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවකදීයි.
චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථ වාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කර තිබෙන්නේ.
ඉදිරියේදී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ වැඩි වශයෙන් ගෙන්වීමටත් රජය සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමටද චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බවයි අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.
මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා ඒ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.
මීට අමතරව දිත්වා කුණාටුවෙන් පසු ලංකාවට වූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දෙන බවද තානාපති සෙන්හොංග් පවසා තිබෙනවා

