නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළියට සහභාගී නොවීමට සමගි ජන බලවේගය මූලික තීරණයක් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
නමුත්, ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා සිදු වන බවත්, එහිදී ගන්නා අවසන් තීරණය දැනුම් දීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා සදහන් කළේ.
ආණ්ඩුව ජනතාවට විරුද්ධ වන සෑම අවස්ථාවකම විපක්ෂය එක පොකුරක් ලෙස සිට ගැනීමට තීරණය කර ඇති බවද, එහෙත් සම්පූර්ණ විපක්ෂයම එකතු වී, පාරට බැස අභියෝග කිරීමට ‘තවත් කල් ඇති’ බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

