Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙසක් සමයේ හොල්මන් මන්දිර, භූත ගුහා සහ අධික ඝෝෂාකාරී වාහනවලට මෙවර පොලිසියෙන් වැටක්!

    May 20, 2026

    නාඩු මිල පහළට

    May 20, 2026

    චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට පුටින් සූදානමින්

    May 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»විමල් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය අසලට ගොස් පොලිසියට බාධා කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝග
    උණුසුම් පුවත්

    විමල් ඇතුළු පිරිස රණවිරු ස්මාරකය අසලට ගොස් පොලිසියට බාධා කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝග

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 20, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු‍ මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (20) තලංගම පොලිසිය නියම කළා.

    තලංගම පොලිසිය විසින් අද (20) මෙම පිරිසට එරෙහිව චෝදනා තුනක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ අවස්ථාවේදී මහේත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

    විජයග්‍රහණය සැමරීම සඳහා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල රණවිරු සැමරුම් උත්සවයට ජනාධිපතිරවරයා ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගී වීමට නියමිතව තිබූ බැවින් එය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

    එසේ තිබියදී ඉකුත් 18 වැනිදා විමල් වීරවංශ අතුළු පිරිසක් එම භූමියට අයුතු ලෙස ඇතුළු වී, අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින්, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම සහ පොලිසියට අඩන්තේට්ටම් කිරීම ලෙසින් ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

    මෙහිදී විමල් වීරවංශ ඇතුළු පිරිස ‍වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත්කරමින් නිතීඥ කමල් විජේසිරි සඳහන් කර සිටියේ, පොලිසිය ඉදිරිපත් කරන ආකාරයේ සිද්ධියක් එම ස්ථානයේ සිදු නොවූ බවයි.

    මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිතීඥවරයා මෙසේද ප්‍රකාශ කළා.

    “ස්වාමිනි, පොලිසිය කියන ආකාරයට කිසිදු අයුතු ජනරාශියක් හෝ බලහත්හාරයෙන් එම ස්ථානයට ඇතුළුවීමක් සිදුවුණේ නෑ. මගේ සේවාදායකයින් මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව කරන ලද ඉල්ලීමක් මත එම ස්ථානයට යන බවට දැනුම් දිලා තිබුණා. එහෙම දැනුම් දීලා තමයි ඒ අය එතැනට ගියේ.

    එම ස්ථානයට පොදු මහජනතාවට ඇතුළු විය හැකි ස්ථානයක් මිස එය තහනම් කලාපයක් නොවෙයි. විශේෂයෙන්ම එම ස්ථානය පුද්ගලික හෝ අවසරයකින් තොරව ඇතුළු විය යුතු ස්ථානයක් නොවේ. මගේ සේවාදායකයින් ගියේ රණවිරුවන් සමරන්න. ඔවුන් ලිඛිතව දැනුම් දීලා අවසර අරගෙන ගිය සැමරීමට පොලිස් නිලධාරීන් තමයි බාධා කළේ. පොලිස් නිලධාරින් තමයි අනීතිකව කටයුතු කළේ. ස්වාමිනී, ඒ සම්බන්ධයෙන් සොයා බැලියු යුතුයි”

    මෙහිදී අධිකරණය දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇති තත්ත්වය විමර්ශන අවදියේ තිබෙන බවයි.

    එබැවින් මෙහි සැකකරුවන් ලෙස නම් කිරීම හෝ වරෙන්තු නිකුත් කිරීමක් මේ අවස්ථාවේ සිදුකළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙසට තලංගම පොලිසියට නියම කරමින් නඩුව කල් තැබුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වෙසක් සමයේ හොල්මන් මන්දිර, භූත ගුහා සහ අධික ඝෝෂාකාරී වාහනවලට මෙවර පොලිසියෙන් වැටක්!

    May 20, 2026

    නාඩු මිල පහළට

    May 20, 2026

    චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට පුටින් සූදානමින්

    May 20, 2026

    මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට

    May 20, 2026

    ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ සී.අයි.ඩී. අත්අඩංගුවේ! කෝටි 4ක නිවෙසත් තහනමට

    May 20, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ හොල්මන් මන්දිර, භූත ගුහා සහ අධික ඝෝෂාකාරී වාහනවලට මෙවර පොලිසියෙන් වැටක්!

    May 20, 2026

    මෙවර වෙසක් උත්සව සමය තුළදී හොල්මන් මන්දිර හෝ භූත ගුහා පවත්වන පිරිස්වලට සහ බුදු දහමට…

    නාඩු මිල පහළට

    May 20, 2026

    චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට පුටින් සූදානමින්

    May 20, 2026

    මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට

    May 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වෙසක් සමයේ හොල්මන් මන්දිර, භූත ගුහා සහ අධික ඝෝෂාකාරී වාහනවලට මෙවර පොලිසියෙන් වැටක්!

    May 20, 2026

    නාඩු මිල පහළට

    May 20, 2026

    චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට පුටින් සූදානමින්

    May 20, 2026

    මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට

    May 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වෙසක් සමයේ හොල්මන් මන්දිර, භූත ගුහා සහ අධික ඝෝෂාකාරී වාහනවලට මෙවර පොලිසියෙන් වැටක්!

    May 20, 2026

    නාඩු මිල පහළට

    May 20, 2026

    චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට පුටින් සූදානමින්

    May 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.