විශේෂඥ වෛද්‍යවරුන් 2,500ක් පමණ මේ වන විට රාජ්‍ය සේවය අතහැර රටින් පිටව ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තවත් වෛද්‍යවරුන් 5,000ක පමණ පිරිසක් ඕනෑම මොහොතක මෙරට අතහැර යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන සිටින බව ද එම සංගමය අනාවරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (24) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී මහා කමිටු සාමාජික වෛද්‍ය සංජීව තලගහගොඩ මෙම අදහස් පළ කළේය.

මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ GMOA සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අවධාරණය කළේ, මේ වන විට රෝහල් පද්ධතියේ පවතින ගැටලු නොවිසඳෙන්නේ නම් සේවා සැපයීමේ අවදානමක් පවතින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ සඳහන් කළේ රෝහල් පද්ධතියේ ගැටලු පිළිබඳව කඩිනමින් සමීක්ෂණයක් කළ යුතු බවයි.

එසේම, “ජනතාවගේ සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා ජනතාවගේ බදු මුදල් යොදවන්න” යනුවෙන්ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වෛද්‍ය සංජීව තලගහගොඩ, වෛද්‍ය හංසමාල් වීරසූරිය, ආචාර්ය චමිල් විජේසිංහ සහ GMOA විධායක කමිටු සාමාජික වෛද්‍ය වාසන් රත්නසිංහම් මේ අවස්ථාවට සහභාගි වූහ

Share.
Leave A Reply

Exit mobile version