මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ.
අධිකරණ නියෝගයක් මත මෙම පුද්ගලයින් දෙදෙනාව පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය තහවුරු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මැදතලාවේ කන්කනමලාගේ තිලක් සෝමචන්ද්‍ර සහ 46 හැවිරිදි දේවානිතිගේ ප්‍රියන්ත සිල්වා යන දෙදෙනාවය.
පසුගිය 9 වනදා මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඇති වූ ගැටුමකින් පසුව මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාව එරට පොලීසිය විසින් උපදෙස් ලබා නිදහස් කර තිබුණි.
නමුත් නැවතත් ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

