Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“ශාන්ත පද්මකුමාර මීට පෙර අපරාධමය වරදකට වරදකරු වූවෙක්. අත් හිටවූ සිරදඬුවම් ලැබූවෙක්.”- සාගර කාරියවසම් කියයි.
    උණුසුම් පුවත්

    “ශාන්ත පද්මකුමාර මීට පෙර අපරාධමය වරදකට වරදකරු වූවෙක්. අත් හිටවූ සිරදඬුවම් ලැබූවෙක්.”- සාගර කාරියවසම් කියයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 6, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට පැමිණිල්ලක් ඇති ශාන්ත පත්මකුමාර යන මන්ත්‍රීවරයා මීට පෙර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධමය වරදකට වරදකරුවෙක් වී දඩුවම් නියම කළ පුද්ගලයෙක් බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ අද දින (2026.01.06) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමිනි.

    එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

    “පහුගිය කාලයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මල් ල්පැළ සිටුවනවා කියලා, හැබැයි ඡන්දයෙන් පසු ජනතාවට දැකගන්න ලැබුණේ මේ මල් පැළ නොවේ කංසා පැළ සිටුවා තිබෙනවා කියලා. පහුගිය දවස් වල රත්නපුර දිස්ත්‍රික්කයේ ශාන්ත පත්මකුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව යම්කිසි චෝදනාවක් නැගුනා කංසා වගාවක් සම්බන්ධයෙන්. හැබැයි ඒ කංසා වගාව ඇල්ලීමට ගිය පොලිස් නිලධාරියා ගුටිකෑවා. හැබැයි ගුටිකෑව පොලිස් නිලධාරියා මේ වන විට වැඩතහනම් වී නිවසේ සිටිනවා.”

    “නමුත් පොලිස් නිලධාරියා විසින් ඔහුට ගැහුවවා කියලා පැමිණිල්ලක් කළද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුලු පිරිස කිසිදු ප්‍රශ්නයකින් තොරව, අඩුම තරමින් පොලිසියට කැඳවලා ඔවුන්ගෙන් ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් සටහන් කරගැනීමකින් තොරව ඔවුන් නිදැල්ලේ සිටිනවා. මේ තත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලුවිට අපට දැනගන්න ලැබූ දෙයක් තමයි මේ ශාන්ත පත්මකුමාර කියන මන්ත්‍රීවරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධමය වරදකට වරදකරුවෙක් වී දඩුවම් නියම කළ පුද්ගලයෙක්. ඔහු ලංකාව නීතිය ඉදිරියේ අපරාදකරුවෙක්. ඔහුට ඇඹිලිපිටිය ප්‍රදේශයක පාසලක විදුහල්පතිවරයෙක්ගේ රාජකාරියට බාධා කර, අඩත්තේට්ටම් කරන්න උත්සහ කරලා ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ගොස් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව මාස තුනකට සිරදඬුවම් නියම කරලා. ඒ මාස තුනේ සිරදඩුවම අවුරුදු 05 ට අත්හිටුවනවා වගේම ඊට අමතරව රුපියල් 20,000 බැගින් වන්දි ගෙවන්න නියම කරනවා. මේ පුද්ගලයා තමයි අද මේ චෝදනාවට ලක්වී තිබෙන්නේ. මේ පොලිස් නිලධාරියා කළ චෝදනවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනිවාර්යයෙන් අත්හිටවූ සිරදඬුවමට අනුව මාස තුනක කාලයක් සඳහා සිරගත විය යුතුයි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට විරුද්ධව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව අපිට පෙනෙන හැටියට නම් මේ අත්හිටවූ සිරදඩුවමෙන් බේරගන්න පොලිස්පතිවරයා කටයුතු කරනවාද කියන සැකය තිබෙනවා. තමන්ගේ පොලිසියේ සේවය කරන නිලධාරියෙක් කංසා වැටලීමක් කර ඒ සම්බන්ධයෙන් පහර කෑමකට ලක්වුණා කියලා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අවස්ථාවක ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැතිව තමන්ගේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැතිව ඔහුගේ රැකියාවන් අත්හිටුවමින්, නිලධාරීන්ට දඩුවම් කරමින් පොලිස්පතිවරයා මේ සිදුකරන්නේ දේශපාලඥයින් රැකගැනීමේ උත්සහයක් ද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවට මේ වන විට ඇති වී තිඛෙනවා.”

    “ඒ වගේම මේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය උඩ මේ රටේ මාධ්‍ය නාලිකාවක් තහනම් කරන්න තරම් පොලිසිය උත්සහ දැරුවා. හිරු නාලිකාව තහනම් කරන්න පොලිස්පතිවරයා යටතේ තිබෙන මාධ්‍ය අංශයෙන් පැමිණිල්ලක් කරනු ලැබුවා. මේ රටේ ඉතිහාසයේ කිසිදු දවසක නොවුණු දෙයක්. මේ සියලු දේ සිදුකර තිබෙන්නේ අපරාදකාරයෙකු හැටියට චෝදනා ලබලා, දඩුවම් ලබලා ඒ දඩුවම තවම ඉවර නොවූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් තමයි මේ කටයුතු කර තිබෙන්නේ. මේ රටේ ජනතාව මල් පැළ කියා ඡන්දය ලබා දුන්නේ මේ පිරිසට. ඒ නිසා අනුර කුමාර ජනාධිපතිතුමනි ඔබ මේ රටේ ජනතාවගේ ඒ අදහසට ගරු කරනවා නම් ඔබ වාහාම මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න.”

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.