භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරන බහාලුම් මලු (ෂොපින් බෑග්) නොමිලේ ලබාදීම හෙට (01) සිට තහනම් කර තිබෙනවා.

ඒ අනුව, ෂොපින් බෑග් ලබාදෙන්නේ නම් ඒ සඳහා මිලක් අය කළ යුතු අතර, ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් 01 වැනිදා නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

වෙළෙන්දෙකු විසින් පාරිභෝගිකයාට නොමිලේ ෂොපිං බෑග් ලබාදීම නොකළ යුතු බවත්, ෂොපිං බෑග් ලබා දෙන්නේ නම්, ඒ සඳහා අය කරන ගාස්තුව ද බිල්පතෙහි සඳහන් කළ යුතු බවත්, ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ද ව්‍යාපාරික ස්ථානයෙහි ප්‍රදර්ශනය කළ යුතු බවයි එම ගැසට්‌ නිවේදනයේ දක්වා තිබෙන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ShoppingBagPolicy #SriLankaNews #ConsumerRights #FreeShoppingBags #RetailRegulations #EcoFriendlyShopping #SustainableChoices #BusinessTransparency #CustomerAwareness #October2023Updates

Share.
Leave A Reply

Exit mobile version