ගංජා මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

එම සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක් වන අතර, එසේම ‘හාපත්ගමුව’ විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු වශයෙන් ද කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදු කරන ලද හදිසි වැටලීමකදී අලෙවිය සඳහා සකස් කර තිබුණු ගංජා ග්‍රෑම් 86 ක් සමඟ එම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන අතර, අද දිනයේදී ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ගංජා #මත්ද්‍රව්‍ය #බදුල්ල #පල්ලේවත්ත #පොලීසිය #අත්අඩංගුව #ප්‍රාදේශීයසභා #හාපත්ගමුව #අධිකරණය #සමගිජනබලවේගය

Share.
Leave A Reply

Exit mobile version