බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ.
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.
මෙම හදිසි අනතුර හේතුවෙන් දුම්රියේ ගමන් කළ මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු යොදා ඇත. අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
විශේෂයෙන් අද උදෑසන කාලයේ කොළඹ බලා ධාවනය වන අනෙකුත් කාර්යාල සේවා දුම්රියන් ද මේ හේතුවෙන් ප්රමාද විය හැකි බැවින් මගී ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
දුම්රිය පිලී පැනීමත් සමග මන්තීරු දෙකම අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබේ.

