මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා එම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවය අදින් (15) අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

රජය සිය ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුන් මෙම විරෝධතාවය අවසන් කර ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතාවය අඛණ්ඩව දින 105ක් පැවතිණි.

පසුගිය සැප්තැම්බර් 27වැනිදා රාත්‍රියේ, සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කළේය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මන්නාරම #සුළංවිදුලි #විරෝධතාව #ආරක්ෂාව #කැනීම් #ජනතාඅයිතිවාසිකම් #පරිසරය #රජය #සමාජය #අපේක්ෂාව

Share.
Leave A Reply

Exit mobile version