හබරාදුව ප්‍රාදේශිය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදි පිය පුතු දෙපළක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අද (30) සවස දුම්රියක හැපිමෙන් බරපතල තුවාල ලැබු දෙදෙනාම රෝහල් ගත කලබව හබරාදුව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ ඔවුන් ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, දරුවා හබරාදුව පෙර පාසලේ සිට කැදවාගෙ යමින් සිටියදි ගාල්ල සිට මාතර දෙසට ධාවනය වු මන්දගාමි දුම්රියේ හැපි ඇති බවයි.

ත්‍රිරෝද රථය දුම්රියේ වදිනවාත් සමග ළමයා රථයෙන් එළියට විසිවි ගොස් ඇතැයි වාර්තා වෙනවා.

තුවාලකරුවන් කරාපිටිය රෝහලටද ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බවයි.

Share.
Leave A Reply

Exit mobile version