හෙට්ටිපොළ පඬුවස්නුවර මාර්ගයේ දී නිකවැරටිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක ගැටී අනතුරුව යතුරුපැදියක ද ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පසුව එම බස් රථය අසල තිබූ වෙළෙඳසලක් කඩාගෙන ඒ තුළට ධාවනය වී ඇති බවයි හෙට්ටිපොළ පොලිසිය සඳහන් කරන්නේ.

එසේම මාර්ගයේ සිටි අයෙකු එම බස් රථ අනතුරින් මියගොස් ඇති බව හෙට්ටිපොළ පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතල තුවාල නොමැති බවට වාර්තා වෙනවා.

බස් රථයෙන් පිටත සිටි සෙසු තුවාලකරුවන් කඩිනමින් හෙට්ටිපොළ රෝහලට රැගෙන යාමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බලපතල නොවන බවයි හෙට්ටිපොළ රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණය ක්‍රියාත්මකයි.

Share.
Leave A Reply

Exit mobile version