හෙරොයින් ජාවාරමේ නිරත වූ බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය ඊයේ (26) රාත්‍රී 9.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් හා එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක රුපියල් 26,000 ක මුදලක්ද සමගයි.

බදුල්ල කයිලගොඩ පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට පත් පොලිස් නිලධාරිනිය සමග ජාවාරමට සම්බන්ධ හා හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට තවත් සැකකාරියන් තිදෙනෙකු මෙන්ම සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස එකම පවුලක ඥාති පිිරිසක් බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය හර්මන් වත්ත, ගංඉම, දොඩංගොඩ පදිංචි කාරිණියක් වන අතර 38 හැවිරිදි විවාහක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

සෙසු සැකකරුවන් සිව්දෙනා බදුල්ල, හෑගොඩ, උදේනිගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 41 හා 71 වයස්වල පසුවන්නන් බවයි පැවසෙන්නේ.

අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම් අබේසේකරට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව සැකකාරිය ඇය නවාතැන්ගෙන සිටි කයිලගොඩ පොලිස් නිල නිවාසයේදීම හෙරොයින් සහ මුදල්ද සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඇය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ඇගේ මවට අයත් බැංකු ගිණුමක් වෙත බැර කරගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

බදුල්ල හා අඹගස්දෝව පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනවා

Share.
Leave A Reply

Exit mobile version