මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන GovPay හරහා ඊයේ දිනය වන විට රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.
මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේ.
බදු, දඩ ඇතුළු රජයට අදාළ විවිධ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදුකිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන් අතර ඊයේ වනවිට මෙමගින් ගනුදෙනු 40,920ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසුකිරීම අරමුණ වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #GovPay #DigitalPayments #SriLanka #ECommerce #GovernmentServices #CashlessTransactions #DigitalEconomy #FinancialInclusion #TaxPayments #InnovationInFinance


