ඉතිහාසයේ පළමු වතාවට රටට විගණකාධිපතිවරයෙක් නොමැති වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි පවසනවා.
වත්මන් ආණ්ඩුව ද හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ගිය පාරේම ගමන් කරමින් ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත‍්‍රීවරයා සඳහන් කළා.
එසේම රිය අනතුරක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලට එක නීතියක් සහ ගංජා වැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට එක නීතියක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළා.

