ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවය.

එක් එක් වාහන වර්ගය සඳහා ලැබෙන ඉන්ධන කෝටාව පහතින් දැක්වේ. 

මෝටර් රථය –  ලීටර් 25 ක්

ත්‍රීරෝද රථ – ලීටර් 20ක්

වෑන් රථ – ලීටර් 50ක්

යතුරුපැදි – ලීටර් 8ක්

බස් රථ – ලීටර් 100 

ඉඩම් වාහනය – ලීටර් 40ක්

ලොරි රථ – ලීටර් 200ක් 

විශේෂ කාර්ය වාහනය – ලීටර් 40ක්
 

Share.
Leave A Reply

Exit mobile version