අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුකරන බවය.

මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.

මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශකිරීම විශේෂයක්ය.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අයවැය #පාර්ලිමේන්තුව #විවාදය #කාරකසභාව #ඡන්දය #2026අයවැය #අයවැයකතාව #අයවැයතෙවනවර #අයවැයදෙවනවර #අර්ථසාධක

Share.
Leave A Reply

Exit mobile version