පාර්ලිමේන්තුව අද (20) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පස්වන දිනටත් පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාර්ලිමේන්තුව #අයවැය #කාරකසභාව #බලශක්තිඅමාත්‍යාංශය #විවාදය #ශ්‍රීලංකා #දේශපාලන #අද #සභාපති #සමාජය

Share.
Leave A Reply

Exit mobile version