අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇප මත මුදාහැර තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකාර හිටපු සභාපතිවරයා අද (17) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඔහුව මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනම් කෙරුණා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අල්ලස් කොමිසම විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුනේ නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ බඳවාගැනීමක් සම්බන්ධයෙන් වන චෝදනාවක් යටතේයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අල්ලස්කොමිසම #අධිකරණය #අත්අඩංගුව #භූවිද්‍යා #පතල්කැණීම් #අනුරවල්පොල #ශරිරඇප #විදෙස්ගමන් #නීත්‍යානුකූල #චෝදනා

Share.
Leave A Reply

Exit mobile version