Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීමට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පැනවීමට එක්සත් රාජධානියේ අධිකරණයක් ඊයේ (20) තීරණය කර තිබේ. මෙසේ සිරදඬුවම් පනවා ඇත්තේ තිසර වේරගලගේ නම් ඇත්තේ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්ටය. ඝාතනය වූ කාන්තාව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් පසුගිය වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලකදී ඔහු විසින් ඇයව තියුණු ආයුධයකින් පහරදී රථගාලකදී ඝාතනය කර තිබුණි. එලෙස ඝාතනය වූයේ නිරෝධා නිවුන්හැල්ල නම් අවුරුදු 32ක කාන්තාවක් වන අතර, ඇය ඔහුගේ විවාහක බිරිඳ වුවත් කලක සිට ඔවුනොවුන් වෙන් වෙන්ව ජීවත්ව ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ආරම්භයේ දී ඔහු මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප…
බාල ගල් අඟුරු ගෙන්වීමට වත්මන් රජය කටයුතු කිරීම ‘මහ දවල් සිදු වූ මංකොල්ලයක්’ බවත්, එය සාධාරණීකරණය කළ නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. ඒ අනුව, රුපියලක් හෝ සොරකම් නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට, මෙම සිදුවන සොරකම් ඔහුට නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමට සිදු වන බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. පසුගිය ආණ්ඩුවල සොරකම් සිදු වුව ද, මේ ආකාරයෙන් ‘මහ දවාලේ’ සොරකම් කර නොමැති බවද, මෙය මහ බැංකු බැඳුම්කර මංකොල්ලයටත් වඩා දෙතුන් ගුණයකින් වැඩි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් හා පානම පොලිස් ස්ථානයේ නිලධාරීන් එකාබද්ධව ඊයේ (19) දින සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී අක්කර 07 ¾ක පමණ භුමි ප්‍රමාණයක හා වගා කර තිබූ ගංජා ගස් 92,000 ක් සහිත වගාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා . මෙම ගංජා හේන පානම පොලිස් වසමේ කුඹුක්කන් රක්ෂිතයේ විහාරගල ප්‍රදේශයේ තිබූ බවයි සඳහන් වන්නේ . මෙම හේන වැටලීමේදී කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ . පොලිස් භාරයට ගත් ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කර තිබෙනවා . මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පානම පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබනවා
ප්‍රථම වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසනවා. එමෙන්ම රජය එම දිනාගත් විශ්වාසය ගොඩ නගා ගැනීමටත් උත්සාහ ගනිමින් සිටින බවයි ඇය සඳහන් කරන්නේ. ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා ප්‍රකාශ කළේ . මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඇය සඳහන් කළේ තමන් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඉතා සතුටට පත් වන බවයි. ශ්‍රි ලංකාව අර්බුදයකට පත්ව සිටි දිනවලත් දැවැන්ත ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඇය සඳහන් කළේ. එම ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටත් ශ්‍රී ලංකා ජනතාවටත් ඇය උණුසුම් සුබපැතුම් පිරිනැමුවා. තමන් මීට පෙර මානුෂවාදී කොමසාරිස්වරියක්…
මහා සංඝරත්නයට අපහාස කිරීමට හෝ බුදු සසුනට නිගරු කිරීමට කිසිදු පාලකයෙකුට ඉඩ නොදෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ අනුව පක්ෂ, පාට, කුල හෝ නිකාය භේදයකින් තොරව මෙවැනි අවස්ථාවක සියලු දෙනා එක් විය යුතු බවයි අද (20) බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ පැවැත්වෙන සඟ සමුළුව අමතමින් උන්වහන්සේ සඳහන් කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක තමා හොඳ බෞද්ධයකු යැයි පවසන්නේ නම්, තම කැබිනට් මණ්ඩලයේ සිටින සාමාජිකයන් සංඝරත්නයට සිදු කරන අපහාසාත්මක ප්‍රකාශ වහාම නතර කිරීමට තම විධායක බලය පාවිච්චි කළ යුතු බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියා. මෙම සඟ සමුළුවේ අරමුණ වන්නේ ආණ්ඩු පෙරළීම නොව, මහා සංඝරත්නයට සිදු කරන අපහාස හා නින්දාවලට එරෙහිව…
අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “ටුටූ” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සීගිරිය, පිදුරංගල මාර්ගයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක්වූ හංගේරියානු ජාතිකයෙක්. අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පා ගමනින් සීගිරිය පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සීගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි. අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පවසා සිටියේ හෙට ප.ව. 3ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවය. “අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව අද නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මේක සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක්. මේක අපේ විධායක මණ්ඩලය විසින් තීරණය කර යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා හෙට සවස 3ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් කැඳවනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊළඟ පියවර ඒ රැස්වීමේදී…
විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ සිදු කර තිබෙනවා . දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ . ඒ අනුව අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මේ දිනවල මහජනතාව වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර (Shani Abesekara. Director of the Criminal Investigation Department (CID), Colombo 07, Sri Lanka, NationWide Could, Protection 24/7) යනුවෙන් ව්‍යාජව සකස් කළ email පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙලෙස මහජනතාව වෙත යොමු කරන බව පොලීසිය පවසයි. මෙම email පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරනු ලැබූ විද්‍යුත් තැපැල්…
