Author: Samudra Maduwnthi

කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්. කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. එහි සාමාජිකයින් ලෙස හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කර ඇති බව සඳහන් ය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර තිබේ. 2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්,…

Read More

2025 දෙසැම්බර් මස 31 දින සඳහා කාලගුණ අනාවැකිය. උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…

Read More

රට තුළ ව්‍යාපාරික අංශය කඩිනමින් යථාවත් කිරීම සඳහා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06ක සහන කාලයක් සහිතව වසර 03කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු මඟින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය’ නමින්…

Read More

ජාතික ජන බලවේගයේ මහනුවර – ගඟඉහළ කෝරළේ ප්‍රාදේශිය සභා සභාපති ඇපමත මුදාහැර තිබෙනවා. ඒ ඔහු අද (30) ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකටයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

කේරල ගංජා තොගයක් සමඟ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 4 ග්‍රෑම් 880ක පමණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදී තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය මේ වන විට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් ව ඇත. අද (30) උදෑසන ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේ ලේකම්තුමිය රැඳී සිටින කාර්යාලයට පැමිණ සභාපතිවරයා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධව ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී සිදුවූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී ඇතැයිද වාර්තාවේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධව මතුගම පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් සිදුව තිබේ. එහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා කර ඇත. මෙහිදී නගරාධිපතිවරයා න්‍යාය පත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු කරගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කරනවාත් සමගම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වතුර බෝතල් රැගෙන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. එය වඩාත් උත්සන්න වීමත් සමඟම සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස ගොස් ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ…

Read More

දොඩංගොඩ මාලිමා පළාත් පාලන අපේක්ෂකයකුට පහරදුන් සමගි ජන බලවේගය දොඩංගොඩ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයෙකු දොඩංගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) සවස 4.45ට පමණ දොඩංගොඩ, නෑහින්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස ජාතික ජන බලවේග පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ කෙ.ජී. විජයරත්න බණ්ඩා නැමති අයට සමගි ජන බලවේග පක්ෂයේ දොඩංගොඩ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී කුමාරසිරි ජයසිංහ නැමැත්තා විසින් පුටුවකින් පහර දී ඇත. පහරකෑමට ලක්වූ විජයරත්න බණ්ඩා මහතා මේ වනවිට නගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read More

භූතාන ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සෝනම් යේෂි විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. ඒ විස්සයි20 ක්‍රිකට් තරගයක කඩුලු 8ක් ලබා ගනිමිනි. මියන්මාරය සමග පැවති තරගයේ දී යේෂි නියමිත පන්දුවාර 4 තුළ ලකුණු 7කට කඩුලු 8ක් දවා ගැනීමට සමත්ව තිබේ. එම තරගයේ දී භූතාන කණ්ඩායම මියන්මාර කණ්ඩායම පරදවා ලකුණු 82ක ජයක් හිමිකර ගැනීමට ද සමත් වී ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

මෙරට තුළ මෙතම්ෆෙටමීන් (methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ තමර දර්ශන මහතා සඳහන් කළේ, මේ වසරේ පළමු මාස 10 තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු පුද්ගලයින් 60,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමර දර්ශන මහතා සඳහන් ක‍ළේය. “මෙතම්ෆෙටමීන් කියන මත්ද්‍රව්‍යයේ ක්‍රමික වැඩිවීමක් හඳුනාගන්න පුළුවන් පහුගිය අවුරුදු කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ සංඛ්‍යා ලේඛන අනුව. ගංජා සම්බන්ධයෙනුත් යම් ප්‍රවණතාවයක් හඳුනාගන්න පුළුවන්. හැබැයි…

Read More