Author: Samudra Maduwnthi

බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතයෙන් සමුගෙන ඇත. මියයන විට ඇය 80 වන වියේ පසුවුණි. පසුගිය නොවැම්බර් මස 23 වනදා රෝහල්ගත කළ කලීඩා සියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවුණි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා සියා එරට පළමු කාන්තා අගමැතිවරියයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු මාස 11 කට පසු මන්නාරම පොලිසිය විසින් පෙරේදා (28 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු 22 හැවිරිදි අයෙකි. පසුගිය ජනවාරි 16 වැනිදා උදෑසන මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපස සිදු වු වෙඩි තැබීමකින් මන්නාරම, උයිලන්කුලම, නොච්චිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි සවේරියන් අරුල් නමැති පුද්ගලයකු හා 42 හැවිරිදි සෙල්වකුමාර් ජූඩ් නමැති පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් හා පුද්ගලයකු තුවාල ලැබීය. මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිදුවීමකට සැකපිට අධිකරණය…

Read More

2025 දෙසැම්බර් මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය. උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.88ක් ලෙස සහ විකුණුම් මිල රු. 313.47ක් ලෙස ඉහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි. ලංකා බැංකුව – රු. 306.25 – රු. 313.25 මහජන බැංකුව – රු. 306.5 – රු. 313 කොමර්ෂල් බැංකුව – රු. 304.49 – රු. 313.00 සම්පත් බැංකුව – රු. 306.25 – රු. 312.75 අමානා බැංකුව – රු. 307.80 – රු. 311.80 newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

ඉතිහාසයේ පළමු වතාවට රටට විගණකාධිපතිවරයෙක් නොමැති වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. වත්මන් ආණ්ඩුව ද හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ගිය පාරේම ගමන් කරමින් ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත‍්‍රීවරයා සඳහන් කළා. එසේම රිය අනතුරක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලට එක නීතියක් සහ ගංජා වැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට එක නීතියක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

විදුලි රථ වාහන ආරෝපණ මධ්‍යස්ථාන (charging points) දිවයින පුරා ස්ථාපිත කිරීමට චීන රජයේ අවධානය යොමු කරන්නැයි අමාත්‍ය විජිත හේරත් ඉල්ලා තිබෙනවා. අමාත්‍යවරයා මේ යෝජනාව සිදු කළේ අද (29) පෙරවරුවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවකදීයි. චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථ වාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කර තිබෙන්නේ. ඉදිරියේදී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ වැඩි වශයෙන් ගෙන්වීමටත් රජය සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ…

Read More

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‌යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය -2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි. එහිදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය. එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ සෑම රූපවාහිනී නාලිකාවක් සඳහාම…

Read More

නාවලපිටිය, පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ විද්‍යුත් තැපෑලට අද පණිවුඩයක් ලැබී තිබුණි. එම පණිවුඩය මත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද (29) හදිසි පරික්ෂාවට ලක්කළ බව අප වාර්තාකරු පැවසීය. නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත මෙම ඊ-මෙල් පණිවිඩය විදේශ රටකින් එවා තිබුණු බවත් එහි සඳහන්ව තිබුණේ, “කූඩාරමක් තුළ බෝම්බයක් ඇත. එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බව” යනුවෙනි. ඒ හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශිය ලේකම්වරිට විසින් එහි කාර්ය මණ්ඩලය සහ පැමිණ සිටි පිරිස ඉවත් කර තිබුණි. පසුව ප්‍රාදේශිය ලේකම්වරිට විසින් ඒ පිළිබඳව…

Read More

බංග්ලාදේශයේ පවතින දේශපාලනික තත්ත්වය හේතුවෙන් සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය තුල බංග්ලාදේශයේ හින්දු සුළු ජාතීන්ට එරෙහිව ආගමික අපහසාත්මක චෝදනා 71ක් පමණ වාර්තා වී ඇති බව බංග්ලාදේශ සුළු ජාතීන් සඳහා වූ මානව හිමිකම් සම්මේලනය සඳහන් කළේය. බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩිවෙමින් පවතින අවස්ථාවක පිරෝජ්පූර් දිස්ත්‍රික්කයේ දුම්රිතාලා, ගම්මානයේ හින්දු පවුල්වලට අයත් නිවාස 05ක් ගිනි තබා විනාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More