Author: Samudra Maduwnthi

නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව අවුරුදු 02ක් තුල මේ ආකාරයෙන් එම තණ තීරුව සඳහා තවත් අසාදු ලකුණක් එක් වූවහොත් එම ක්‍රීඩංගණයේ පැවැත්වීමට සැළසුම් කර ඇති ටෙස්ට් තරගයක් වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා යොමු කිරීමට සිදුවනු ඇති. මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති අළුබදුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය දින 02 ක් තුල නිමාවට පත් වුයේ තරගයේ ජය එංගලන්තයට හිමිකර දෙමිනි. newsforcelk #සත්‍යයේපෙරමුණ…

Read More

“ද්වන්ධ – DUET”කලා හඬ දෙකක් එකම අවකාශයක හමුවන විශේෂ කලා සංවාදයක්. ශ්‍රී ලාංකීය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් මංසන්ධියකදී, කලා රසිකයන්ට ගැඹුරු අත්දැකීමක් පිරිනමමින් “ද්වන්ධ – DUET” චිත්‍ර ප්‍රදර්ශනය වේදිකාවට පැමිණෙයි. මෙය සරලවම චිත්‍ර එකතුවක් නොව, දිනේෂ් පෙරේරා සහ නාමලී රියල් යන කලාකරුවන් දෙදෙනාගේ වෙනස්, එහෙත් එකිනෙකට අර්ථ දෙන කලා භාෂා අතර සිදුවන සංවාදයකි. “ද්වන්ධ” යන නාමයම පෙන්වා දෙන පරිදි, මෙය විරුද්ධතා දෙකක් අතර ගැටුමක් ලෙස පමණක් නොව, සමාන්තර ලෝක දෙකක් අතර ගැඹුරු කලාත්මක සම්බන්ධතාවයක් ලෙසද විවරණය කළ හැක. මනුෂ්‍ය හැඟීම්, ආදරය, සමීපතාවන්, සිහින, අභ්‍යන්තර Selfඑක සහ සමාජය අතර ඇති සංකීර්ණ සබඳතා මෙම ප්‍රදර්ශනය තුළ විවිධ ආකාරයෙන් නිරූපණය වෙයි. ශ්‍රී ලංකාවේ…

Read More

අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ හැමන්ටන් නගරයට ඉහළ අහසේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඊයේ (28) පෙරවරු 11:25 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගැටීමෙන් පසු එක් හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන පොළොවට පතිත වී තිබෙනවා. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කරන පරිදි, අනතුරට පත් යානා දෙකෙහිම ගමන් කර ඇත්තේ නියමුවන් පමණයි. එක් නියමුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් නියමුවා ජීවිත අවදානම් සහිත බරපතල තුවාල ලබා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ

Read More

රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (29) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමගම ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයද නිලධාරීන් භාරයට ගැනීමටද කටයුතු කර ඇත. සැකකරුවන් පිරිස මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඒවා ඉන්දියාවේ මුම්බායි නුවර වෙත ගෙනවිත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන විත් තිබේ. සැකකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවක් වන අතර ඔවුන් බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ ඇසුරුම් 20ක් තුළ කුෂ්…

Read More

බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර පවසනවා. අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. මේ අතර ගිය වසරට වඩා මෙම වසරේ මාර්ග අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර, “ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා. නමුත් බරපතල අනතුරු සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව නොසැලකිල්ල, අනවධානය වගේ හේතු. දෛනික මාරක…

Read More

පසුගිය සතියට සාපේක්ෂව අපනයන ගම්මිරිස් මිල ඉහළ ගොස් තිබේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ GR 1 ප්‍රභේදයට අයත් ගම්මිරිස් කිලෝග්‍රෑමයක් මේ සතිය තුළ රුපියල් 2250ක් ලෙස සටහන් වූ බවයි. පසුගිය සතිය තුළ අපනයන ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 2150කට අලෙවි වී තිබේ newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

අද වන විට දිස්ත්‍රික්ක 13 ක අලි මිනිස් ගැටුම ව්‍යාප්ත වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. ඒ, ගල්ගමුව ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එක්වූ අවස්ථාවේදීයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි කොරිඩෝ 12 ක් අවහිර වී ඇති බවයි.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් එළවළු වගාවට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් වෙළඳපොලේ තවදුරටත් එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පවතිනවා. බොහෝ ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් රුපියල් 2,000 ක සිල්ලර මිලකට අලෙවි වන අතර, මාලු‍ මිරිස් කිලෝවක මිල රුපියල් 1,300කට අලෙවි වන බවයි. එමෙන්ම අනෙකුත් බොහෝ එළවළු වර්ගවල කිලෝවක මිල ද රුපියල් 500 ත් 1,000 ත් අතර මිලක පවතින බව සඳහන්. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

මෙම වසරේදී අල්ලස් නඩු පැවරීම් මගින් රජය රුපියල් ලක්ෂ 30 කට ආසන්න ආදායමක් උපයාගෙන ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙහි සහ කොළඹ මහාධිකරණයේ 2025 ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලසීමාවේදී පවරන ලද නඩුවලින් පමණක් රජයට ලැබී ඇති ආදායම රුපියල් විසිඅටලක්ෂ දහනවදහසක් (2,819,000) බව අල්ලස් කොමිසම පෙන්වාදෙයි. එම අධිකරණ මගින් විත්තිකරුවන්ට එරෙහිව පනවන ලද දඩ මුදල්, වන්දි මුදල් සහ දණ්ඩන මුදල්වලින් එම ආදායම රජයට ලැබී තිබෙන බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ ය. තවද මෙම වසරේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා අල්ලස් දූෂණ, අයුතු වත්කම් ඉපයීම්, මුදල් විශුද්ධිකරණ ආදී වරදවල් යටතේ විත්තිකරුවන් 126 දෙනකුට…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුගතවීම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රගතියක් ලබා තිබුණත් ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අවදානමට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සිට යළි නැගිටිමින් සිටින අතරතුර අයි.එම්.එෆ්. සහාය ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින අවධියක මෙම සුළිකුණාටුවට මුහුණ දුන් බවද මූල්‍ය අරමුදල කියයි. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය පහසුකම ලබාදෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ. ආර්ථිකය තවදුරටත් යම් අවදානමකට ලක්විය හැකි අතර, දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවී නොමැත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More