Author: Samudra Maduwnthi

පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරවීම හරහා ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙසේ පරාජය කරනු ලබන්නේ මාලිමාවේ අයවැය නොව ජනතාවගේ අයවැය වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පරාජයට ලක් වූ කොළඹ මහ නගර සභාවේ අයවැය තුළ ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා විශාල ප්‍රමාණයක් අනතර්ගත වූ බවත් මෙම පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සේවාවන් ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීම සඳහා මෙම අයවැය සකස් කළ බවත් ඒ මහතා කියා සිටියේය. එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අයවැය හරහා…

Read More

බොරැල්ල මිහිදු සෙන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී ඇය සතුව තිබී හෙ‍රොයින් ග්‍රෑම් 490යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සැකකාරිය 65 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙල්බර්න්හිදී අද (27) අවසන් වූ 4වන තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. දෙදිනක් තුළ අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 152කට දැවීගිය අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්ත පළමු ඉනිමද ලකුණු 110කට සීමාවිය. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 132ක සීමාවූ අතර, ඒ හේතුවෙන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී පසුකර යෑමට එංගලන්ත පිතිකරුවන්ට හැකිවිය. මෙය එංගලන්ත කණ්ඩායමක් ඔස්ට්‍රේලිායවේදී වසර 15කට පසු ලැබූ පළමු ටෙස්ට් තරග ලෙස වාර්තා අතරට එක්විය. එම කාලය තුළ ඔවුන් ඔස්ට්‍රේලියාව හමුවේ තරග 16ක්ම පරාජය වී තිබූ අතර,…

Read More

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර තිබෙනවා. එම තනතුරට අමතරව ඔහුට කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීමද ලබාදී තිබෙනවා. 2026 ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් ජනවාරි මස 10වනදා ලංකාවට පැමිණීමට නියමිතයි. තවද ඇමෙරිකානු කණ්ඩායම සිය ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇමෙරිකාව ක්‍රීඩාකරන පළමු තරගය පෙබරවාරි 7වනදා ඉන්දියාවට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය 18 වැනිදා කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ මංගල අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්වුණා. එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Read More

අයහපත් කාලගුණය නිසා බලපෑමට ලක් වූ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නායයෑම් අවදානම් තත්ත්වය පාලනය කිරීමට ඉංජිනේරු තාක්ෂණය යොදා ගැනීමට හෝ ඒ පිළිබඳව නැවත තීරණයක් ගත යුතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) සඳහන් කරනවා. ඒ අනුව මෙම පාසල් සෘජුවම නාය යෑමට ලක්ව ඇති බව පසුගියදා සිදු කෙරුණු අවදානම් තක්සේරු පරීක්ෂාව මගින් හඳුනාගෙන ඇති බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ. දැනට අවදානම් තත්ත්වයේ පවතින එම පාසල් පරිශ්‍රයන් ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන නැවත ස්ථාවර කිරීමට සූදානම් වෙන අතර එසේ කිරීමට නොහැකි පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි ඔහු පැවසුවේ. මෙහිදී හසලක…

Read More

රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කරනවා. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, රට ගොඩනැගීමේ කාර්යය දේශපාලනඥයින්ගෙන්ම ආරම්භ කළ යුතු බවයි. රටේ වත්මන් තත්ත්වය හමුවේ තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බවද ප්‍රකාශ කළා. එමෙන්ම, දේශපාලනඥයින් සඳහා ඩබල් කැබ් රථ ගෙන්වීමට වෙන් කරන මුදල් ද…

Read More

2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සදහන් කළේ, පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බවය. ඔවුන් සංචාරය කරනු ලබන්නේ අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා පමණක් බව සඳහන් වේ. එමෙන්ම ඡන්දදායක තොරතුරු රැස්කළ යුතු නිවාස වෙත පමණක් සංචාරය කරනු ලබන බවද පැෆ්රල් සංවිධානය පවසයි. පැෆ්රල් සංවිධානයට අනුව, දේශපාලන පක්ෂ නියෝජිතයන්ට සංගණනය පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර නිලධාරීන් තොරතුරු රැස් කිරීමෙන් පසු ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමට සුදුසුද නැද්ද යන්න…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යුද හමුදාවෙන් ඔහුට නිකුත් කළ ගිනිඅවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේය. යුද හමුදාව විසින් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා නීත්‍යානුකූලව නිකුත් කර තිබු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් මෙලෙස සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ්ගෙන් 2019 වසරේදී සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනුණි. හිටපු අමාත්‍යවරයාගේ පිස්තෝල වර්ගයේ ගිනිඅවිය, වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක්…

Read More

අමෙරිකාවට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර හා ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම ගුවන්ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන ‘FlightAware’ ගුවන් සේවා නිරීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කර ඇති පරිදි අමෙරිකා වේලාවෙන් ප.ව. 4 වනවිට එරට තුළ හා ඉන් පිටතට ගුවන්ගමන් 1,581ක් අවලංගු කර තිබේ. එමෙන්ම තවත් ගුවන්ගමන් 6,883ක් ප්‍රමාද වී ඇත. මේ අතර නිව්යෝර්ක් නගරයේ ඊයේ (26) රාත්‍රියේ මිලිමීටර් 250 (අඟල් 10) දක්වා හිම පතනයකට ඇති වී ඇති අතර, එය වසර හතරකින් එම ප්‍රදේශයට බලපෑ වැඩිම හිමපතනය විය. ඒ අනුව මේ වනවිට මිලියන 40කට වැඩි පිරිසක් ශීත කුණාටු අනතුරු…

Read More