Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
රුසියානු ජෙනරාල්වරයෙකුට මරු කැඳවමින් මොස්කව් අගනුවර අද(22) කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් යි. සිද්ධිය වූ ස්ථානයට මේ වන විට විමර්ශකයින් යොදවා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෙම ප්‍රහාරයට යුක්‍රේන බුද්ධි අංශවල සම්බන්ධයක් ඇති බවටයි ඔවුන් සැක කරන්නේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක රස පරීක්ෂකවරයෙක් වන එච්.එල්. ඩබ්ලිව් ජයමාන්න සහ පුද්ගලික රක්ෂණ සමාගමක උප සභාපතිවරයෙකු ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. එම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කර ඇත. ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන්…
මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් විසි කිරීමේ සිද්ධියකට සම්බන්ධ වූ බන්ධනාගාර නියාමකවරයෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කළ, අහංගම ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක්. පසුගිය දෙසැම්බර් 09 වන දින දුරකථන උපාංග ඇතුළු තහනම් භාණ්ඩ කිහිපයක් අඩංගු පාර්සලයක් බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළට විසි කර තිබූ අතර, මේ පිළිබඳව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හෙළි වී ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු නොව, බන්ධනාගාරයේම සේවය කරන මෙම නිලධාරියා විසින් අදාළ පාර්සලය ඇතුළට විසි කර ඇති බවයි. ඒ අනුව සැකකාර බන්ධනාගාර නියාමකවරයාව ඊයේ (21) පස්වරුවේ පොලිසිය…
පැවැති ආපදා තත්ත්වය නිසා වී ගොවීන්ට සිදුවූ වගා හානි වෙනුවෙන් රුපියල් කෝටි 153.5ක් මේ වන විට එම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැරකිරීමට කටයුතු යෙදූ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කරනවා. වගාහානි සිදුවූ කුඹුරු හෙක්ටයාර 44, 000ක් වෙනුවෙන් ගොවීන්ගෙන් අයදුම් පත් ලැබී අතර එම කුඹුරු බිම් නිරික්ෂණයෙන් පසු මෙම වන්දි මුදල් ගෙවීම් මෙම 30 වැනිදාට පෙර සිදු කරන බව ද ඒ මහතා පවසනවා. සිදු වූ වගා හානි සම්බන්ධයෙන් වී ගොවීන්ගෙන් මෙන්ම අනෙකුත් වගාවන් විනාශ වූ ගොවීන්ගෙන් අයදුම්පත් මේ වන විටත් ලැබෙමින් පවතින බව ද රණතුංග මහතා පවසනවා. සියලුම දිස්ත්‍රික්කයන්හි ගොවීන්ට වගා හානි සිදුවී ඇති අතර ඒ අතරින්…
අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 191ක දැවැන්ත පරාජයකට ලක්කර වයස 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට පාකිස්තාත කණ්ඩායම සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (21) ඩුබායිහිදී පැවැත්විණි. අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණි පාකිස්තානයද මෙලෙස ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශූරයන් ලෙස කිරුළු පැළදූ දෙවන අවස්ථාව මෙය වේ. අවසන්වරට ඔවුන් 2012 වසරේ දී සමශූරයන් වී තිබේ. එවරද ඉන්දියාව සමගින් අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබූ අතර, එහිදී ලකුණු සමවීම හේතුවෙන් ශූරතාව කණ්ඩායම් දෙක අතර බේදීගොස් තිබුණි. කෙසේ නමුත් පසුගිය තරග ඉතිහාසයේ වැඩි වාර ගණනක් (8) ශූරයන් වී ඇති ඉන්දියාවට අඛණ්ඩව දෙවන වරටත් අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය.…
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව සඳහන්. බස්නාහිර,…
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධව සිය අවධානය යොමුව ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිඛෙනවා. අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක‍්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයට හසු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක අධ්‍යයන කටයුතු එළැඹෙන 29 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසනවා. ඒ අනුව කෘෂිකර්ම සහ පශූ වෛද්‍ය පීඨ දෙක එදින විවෘත කිරීමට නියමිතයි. කළමනාකරණ පීඨය එළැඹෙන ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුලදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද උපකුලපතිවරයා පවසා තිබෙනවා. කෘෂිකර්ම පීඨයේ සිසුන් 1300 දෙනෙකු අධ්‍යයනය කරන බවත් කළමනාකරණ පීඨයේ සිසුන් 800ක් අධ්‍යයනය කරන බවත් පශු වෛද්‍ය පීඨයේ සිසුන් 600ක් අධ්‍යයනය කරන බවත් මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කරනවා. මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සිසුන් සඳහා…
ආපදාවට පත් පාසල් යළි යථාතත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේ දී ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීම හා හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගාසිටුවීම සඳහා රජය කටයුතු කරන ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කර ඇති බව සඳහන් වේ. නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හඳුනාගෙන, විද්‍යාත්මක පදනමක් මත සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජය අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර තිබේ. විපතට පත් පාසල් සිසුන් වෙත මුදල් සහන…
ජොහැන්නස්බර්ග් අසල ප්‍රදේශයක පිහිටි තැබෑරුමක වෙඩි තැබීමකින් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් – පිරිමින් හත් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු – සහ තවත් 10 දෙනෙකු තුවාල ලඹා ඇති බව දකුණු අප්‍රිකානු පොලිසිය පවසයි. බෙකර්ස්ඩාල් හි වාහන දෙකකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් 12 දෙනෙකු පමණ “තැබෑරුම් හිමියන්ට වෙඩි තබා පලා යන අතරතුර වෙඩි තැබූ” බව ඔවුහු පවසති. තැබෑරුම බලපත්‍රලාභී බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. දකුණු අප්‍රිකාව ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතවලින් එකකි. පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් අතර සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් හැට තුනක් මිය ගිය බව ඔවුහු පවසති.
