Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී මැතිවරණ කොමිසම විසින් පිළි නොගන්නා බවත් ඒ අනුව අක්‍රිය වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසට මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට නඩු කිහිපයකට මුහුණ දී සිටින බවයි. එම නිසා වසර කිහිපයක් තිස්සේ මෙම පක්ෂයට කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වී ඇති බවත් මේ ආකාරයට දිගින් දිගටම නඩු කටයුතු ක්‍රියාත්මක කළහොත් පක්ෂය ජනතාවගෙන් ඈත්වීමට ඉඩ තිබෙන බවත් ඔහු පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා නිදහස්…
එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය අද (20) පස්වරුවේ නම් කළේය. සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 15ක සංචිතයක් මේ සඳහා නම්කර ඇති අතර, එම සංචිතයෙන් උපනායක ශුබ්මන් ගිල් ඉවත්කර ඇත. මේ වනවිට විස්සයි20 තරග බිමේ පසුබෑමකට ලක්ව ඇති ගිල් අවසන් ඉනිම 15 තුළ එක් අර්ධ ශතකයක් හෝ රැස්කර නොමැත. ඒ අනුව අක්ෂාර් පටෙල්ට උපනායකත්වය හිමිව ඇති අතර, එම සංචිතයේ රින්කු සිං සහ ඉෂාන් කිෂාන්ටද ඉඩක් වෙන්කර තිබේ. 2026 T20 ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය සූර්යකුමාර් යාදව් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන් (කඩුලු රකින්නා), තිලක් වර්මා, හර්දික් පාණ්ද්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල් (උපනායක), රින්කු සිං, ජස්ප්‍රිත් බුම්රා, හර්ෂිත් රානා,…
හික්කඩුව, වෑවල මුහුදු තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියවැලකට හසුව දියඹට ඇදීගොස් මියගොස් ඇති බව වාර්තා වෙනවා . ඔහුව බේරා ගෙන පසුව 1990 ගිලන්රථ සේවාව මගින් එම විදෙස් ජාතිකයා බලපිටිය රෝහලට ඇතුළත් කර ලැබුවද ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ . මියගොස් ඇත්තේ 54 හැවිරිදි බෙලරූස් ජාතකයෙකුයි .
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ මුල් අවධියේ අනතුරු ඇඟවීම් හෙට (21) පෙරවරු 8.00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 3 වන මට්ටමේ (රතු) ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇති අතර බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඇඩිලේඩ්හි පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අවසානයේ, ඇෂස් තරඟාවලිය පරාජයට එංගලන්ත කණ්ඩායම ඉතා ආසන්න වී ඇත. ඔස්ට්‍රේලියාවේ පළපුරුදු ඔෆ්-ස්පින් පන්දු යවන නේතන් ලයොන්, තරඟයේ අවසන් අවස්ථාවේදී එංගලන්ත ප්‍රතිරෝධය බිඳ දමමින් තරඟය ඔස්ට්‍රේලියාවට වඩාත් වාසිදායක අතකට හරවා ඇත. ලයොන්ගේ පන්දුවකට හැරී බෘක් එල්ල කල reverse sweep පහරක් ඔහුගේ දැවී යාමට හේතු වූ අතර, නායක බෙන් ස්ටෝක්ස් දවාගැනීමටද සමත් විය. එයට අමතරව, එංගලන්ත ඉනිමේ වැදගත්ම කඩුල්ලක් වූ සෑක් ක්‍රෝලි ස්ටම්ප් කිරීමෙන් දවාගනිමින් ඔස්ට්‍රේලියාවට තරඟයේ සම්පූර්ණ පාලනය ලබා දුන්නේය. සැක් ක්‍රොලි ලකුණු 85ක් ලබා ගනිමින් දැඩි උත්සාහක ඉනිමක් ක්‍රීඩා කරන බව පෙන්වූවත් ඔහු දැවී ගිය අවස්ථාවේදී එංගලන්තය ලකුණු 194කට කඩුලු 6ක් දැවී,…
දෙසැම්බර් මාසයේ 11 වෙනිදට තමයි ලෝක කඳුකර දිනය යෙදිලා තියෙන්නේ. පළමු වරට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2002 වසර කඳු පිලිබඳ අන්තර්ජාතික වසර ලෙස ප්‍රකාශයට පත්කරලා තියනවා. මෙමඟින් කඳුකරයට අන්තර්ජාතික අවධානය යොමුවෙලා තියනවා. කඳුකර දිනය මුලින්ම සමරලා තියෙන්නේ 2003 වසරේ. ලෝකයේ තියෙන කදුවලින් අපට ලැබෙන ප්‍රයෝජන සහ කදු ආරක්ෂා ගැනීමේ වැදගත්කම ගැන මිනිස්සුන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් තමයි මේ දිනය නම් කරලා තියෙන්නේ. පෘතුවියේ ගොඩබිම්වලින් 27%ක් පමණ කඳුවලින් සමන්විතයි. ලෝක ජනගහණයෙන් බිලියනයකට වඩා මිනිස්සු කදු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා. ලෝකයේ කදුකරවල ජීවත් වන මිනිසුන්ගෙන් 80%ක් දුප්පත්කමින් පෙළෙන අය කියලත් හඳුනාගෙන තියනවා. ලෝකයේ නැවුම් සුපිරිසිදු වතුරවලින් 75%ක් උත්පාදනය වෙන්නෙත් කදුවලන්. ඒ වතුර…
මගී ප්‍රවාහන බස් රථ සඳහා හඳුන්වා දුන් බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටී. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ අදාළ කාඩ්පත් යන්ත්‍රය බස් රථ කොන්දොස්තරවරයා අතේ තිබෙන තාක් කල් මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම සාර්ථක නොවන බවයි. මෙම ක්‍රමවේදය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට නම් පළමුව ඊට අදාළ නීති රෙගුලාසි සම්පාදනය කළ යුතු බවත්, කොන්දොස්තරවරයා මෙම ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එසේ නොමැතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අසාර්ථක නියමු ව්‍යාපෘති මෙන් තවත් එක් ප්‍රෝඩාවක් පමණක් බවට පත්වනු ඇති බවත්,…
ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවය. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතී. ඒ අනුව ඉහත සඳහන් කළ පළාත්වල අද (25) සිට නොවැම්බර් මස 30 වන ඉරිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි…
ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්දයේදී, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් තණමල්විල ප්‍රාදේශීය සභාවේ නිලූෂා දිල්හානි මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බවට සමගි ජන බලවේගය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකජනබලවේගය #තණමල්විල #අයවැය #සමගිජනබලවේගය #පක්ෂකළමනාකරණ #නිලූෂාදිල්හානි #පක්ෂසාමාජිකත්වය #ප්‍රාදේශීයසභාව #සිංහලපොත #දේශපාලන
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය තහනමට පෙර එම වයස් වල පරිශිලකයින්ගේ සමාජ ගිණුම් වසා දැමීට Instagram, Facebook සහ Threads යන සමාජ මාධ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සමාජ මාධ්‍ය නාම තුනම හිමි Meta සමාගම විසින්, වයස අවුරුදු 13 ත් 15 ත් අතර යැයි විශ්වාස කරන පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් දෙසැම්බර් 4 වන දින සිට අක්‍රිය කිරීම ආරම්භ කරන බවට කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල සහ යෙදුම තුළ පණිවිඩ මගින් දැනුම් දීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ තහනම දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වීමට නියමිතව ඇත. එය TikTok, YouTube, X සහ…
