Author: Samudra Maduwnthi

ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඡන්ද 4කින් පරාජයට පත්ව තිබේ. එහිදී අයවැය විවාදය අතරතුර වතුකරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත. ඒ අනුව අයවැය සඳහා පක්ෂව ඡන්ද 13ක් ද විපක්ෂව ඡන්ද 17ක් ලෙස ප්‍රකාශ වී තිබුණි. පක්ෂව ඡන්දය ලබාදීමේ දී සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනාම ඡන්දය භාවිත කළ අතර, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සර්වජන බලය හා ස්වාධීන මන්ත්‍රීවරු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකජනබලවේගය #අයවැය2026 #ප්‍රාදේශීයසභාව #ඡන්දය #වතුකරය #පක්ෂව #විපක්ෂව #ජාතිකපක්ෂය #පොදුජනපෙරමුණ #ප්‍රජාතන්ත්‍රවාදී #ස්වාධීනමන්ත්‍රීවරු

Read More

ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය. ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඊයේ (19) සංවිධානත්වය කර තිබූ වැඩසටහනේ දීය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaTourism #IndianInvestors #FilmProduction #CulturalExchange #TourismProjects #ForeignRelations #VijithaHerath #StrengtheningBonds #TravelOpportunities #CollaborativeGrowth

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදුවූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත්ව නොමැත. ඒ අනුව අද (20) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය සිට කොළඹ කොටුව බලාත් ධාවනය කිරීමට නියමිතය. උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, උඩරට මාර්ගයේ දුම්රිය නඩත්තු කටයුතු අද (20) රාත්‍රිය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය. බදුල්ලේ සිට කොළඹ බලා…

Read More

පාර්ලිමේන්තුව අද (20) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පස්වන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාර්ලිමේන්තුව #අයවැය #කාරකසභාව #බලශක්තිඅමාත්‍යාංශය #විවාදය #ශ්‍රීලංකා #දේශපාලන #අද #සභාපති #සමාජය

Read More

ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) පැවති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ ‘A’ ලකුණු 6කින් පරාජය කර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 153ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්ඉරියව්නේ දක්ෂතා දැක්වීමට නායක දුනිත් වෙල්ලාලගේ සමත් විය. පන්දුවට පහරදීමෙන් පන්දු 14කින් ලකුණු 23ක් රැස්කළ දුනිත්, පන්දු යැවීමෙන් ලකුණු 19කට කඩුලු 3ක් දවාගත්තේය. ඒ හේතුවෙන් තරගයේ වීරයා ලෙස ඔහු සම්මාන දිනාගත්තේය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය…

Read More

රුසියාව සමඟ “යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් සාකච්ඡා කිරීම” සඳහා පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්‍රේනයට පැමිණ ඇති බව එක්සත් ජනපද හමුදාව පවසා තිබේ. අමෙරිකානු හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම, තුර්කියේ සංචාරයකින් ආපසු පැමිණෙන විට බ්‍රහස්පතින්දා කියෙව්හිදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට අපේක්ෂා කෙරේ. බදාදා සිට වාර්තා පළ වීමට පටන් ගත් අතර, එක්සත් ජනපදය සහ රුසියාව යුක්රේනයෙන් ප්‍රධාන සහන ඇතුළත් නව සාම සැලැස්මක් සකස් කර ඇති අතර එයට වොෂින්ටනය හෝ මොස්කව් සැලැස්ම නිල වශයෙන් තහවුරු කර නොමැත. ඊයේ මුල් භාගයේදී, යුක්‍රේනයේ බටහිර නගරයක් වන ටර්නොපිල් වෙත රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය බව එහි නිලධාරීන්…

Read More

මේ වන විට සෑම ආයතනයක්ම පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් පාලනය වන තත්ත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. ඒ අනුව ‘රාජ්‍ය’ යන කොටස ඉවත් කර ‘පැලවත්ත’ ලෙස එය සංශෝධනය කළ යුතු බවයි අද (19) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පැලවත්ත #සමගිජනබලවේගය #චමින්දවිජේසිරි #අයවැය #පාර්ලිමේන්තුව #රාජ්‍යසංශෝධනය #පක්ෂකාර්යාල #ශ්‍රීලංකා #දේශපාලනය #සමාජීයවිවාද

Read More

පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසනවා. පළාත් සභා මැතිවරණයට මුදල් ඇති බවත්, එහෙත් එය පැවැත්වීමට ක්‍රමයක් නොමැති බවටත් වත්මන් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි අද (19) අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පළාත්සභා #මැතිවරණය #සමගිජනබලවේගය #ජේසීඅලවතුවල #ආණ්ඩුව #ජනාධිපති #අයවැය #කාරකසභා #දේශපාලනය #ශ්‍රීලංකා

Read More

21 විපක්ෂ රැස්වීම තියනකොට ජනාධිපති20 තංගල්ලේ රැස්වීමක් තියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක පවසයි. ඔහු මේ බව පැවසූයේ අද(19) අයවැය පාර්ලිමේන්තුවේ අයවැය කාරක සබා අවස්ථා විවාදයට එක් වෙමිනි. ඒ පිළිබඳව වැඩිදුරටරත් ඔහු පැවසූයේ, “21 විපක්ෂ රැස්වීම තියනකොට අනුර කුමාර දිසානායක මහත්තයා 20 තංගල්ලේ රැස්වීමක් දාගෙන. තංගල්ලේ රැස්වීම දාගත්තට සෙනඟ ගේන්න විදිහක් නෑ. රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධයි. DIG මහත්තයා හම්බන්තොට, මාතර, ගාල්ල දිස්ත්‍රීක්කයේ ඩිවිසන්ට ලියුමක් යවල තියනවා සෙනඟ ගේන්න ඕන විදිහ. අද පොලීසියේ නිලධාරීන් කලකිරීමෙන් ඉන්නේ දේශපාඥයොන්ට කඩෙ යන්නද, සෙනඟ අදින්නද පොලීසිය ඉන්නේ. ” newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අනුරකුමාර #විපක්ෂ #රැස්වීම #තංගල්ල #ජනතාඅයිතිය #දේශපාලන #පොලීසිය #රටේජනතාව #විරුද්ධතා #හම්බන්තොට

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණු නඩු දෙකක් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ, එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී සිදුකළ අවිධිමත් ක්‍රියාවලින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩු දෙක ගොනු කර තිබුණා. මින් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂි කැඳවීම සිදුවූ අතර, ඒ යටතේ විත්තිකාර සරණ ගුණවර්ධන විත්ති කූඩුවේ සිට අධිකරණයට ප්‍රකාශයක් සිදු කළා. යුදමය වාතාවරණය පැවති අවස්ථාවේ තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා…

Read More