Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එරට රජය වෙත සිය සංවේගය පල කර තිබේ. එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබු පුද්ගලයින් වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය පල කරන බවය. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ස්ථාන දෙකක සිදුවු වෙඩි තැබීම්වලින් සැකකරු ඇතුලුව පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. කාන්තාවක් විසින් ප්‍රදේශයේ පාසලකට ඇතුළු වී එම වෙඩි තැබීම් සිදුකර ඇති අතර එහිදි පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ. වෙඩි වැදී මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු පාසල ආසන්න ප්‍රදේශයේ තිබී සොයා…
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේවන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් ‘දීගල සමන්’ නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබේ. රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අදාළ නිවස පිහිටා ඇත්තේ, අවිස්සාවේල, දෙහිඕවිට ප්‍රදේශයේය. එම නිවස ඔහුගේ අනියම් බිරිඳට මිලදීගෙන දී ඇති බව පොලීසිය පැවසුවේ. සැකකරුට එම නිවස මිලදීගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පැහිදිලි කිරීම නොහැකිවීම හේතුවෙන් පොලීසිය සැකපලකරන්නේ එය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගෙන ඇති බවටය. ඒ අනුව අදාළ නිවස තහනම් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසුවේය.
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වනදා දක්වා යොමු කළ හැකි අතර එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීය ලෙස සළකා බැලීමෙන් අනතුරුව නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බවද යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා ඇත. ඊයේ (10) පැවති මෙම සාකච්ඡාව සඳහා යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය…
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) මෙම නියෝගය ලබා දුනි. 2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර , රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත්කෙරිණි. අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ…
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විමර්ශනවලට බාධා වන අයුරින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (11) පැමිණිල්ලක් ගොනු කළේය. ඔවුන් එම පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මීට පෙර ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දී ඇති බවය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දූෂණ චෝදනා එල්ල කරමින්, වැඩ තහනමට ලක්ව සිටින චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉකුත් දෙවැනිදා පැමිණිල්ලක් ඉදිරිපත්…
මාර්ගයේ වැටී තිබූ වැල ගෙඩියක් මත යතුරුපැදියක් ලිස්සා යාමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබ සිටි වයස අවුරුදු දෙකයි මාස 11ක් වයසැති දැරියක් මහනුවර ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කර තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කෑගල්ල අත්තනගොඩ කරඩුපන වත්තේ පදිංචිව සිටි දැරියක්. පියා සහ මව මෙම දැරිය සමඟින් කෑගල්ල මොළගොඩ හරහා අත්තනගොඩ මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොළගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම අනතුර සිදුව තිබුණා. පියා කෑගල්ල ගලිගමුව කාර්මික විද්‍යාලයේ උපදේශකවරයකු ලෙස කලක සිට සේවය කරන බවත් ඉකුත් 02 වැනිදා පෙරවරුවේ උපදේශකවරයා ඉදිරි අසුනෙත් ඔහුගේ බිරිඳ යතුරුපැදියේ පිටුපස අසුනේත් වයස අවුරුදු දෙකයි මාස 11ක් වන දියණිය හිස් වැසුමක් නොමැතිව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව එලෙස අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට කල් තැබිණි. මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාග කෙරිණි. පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී ඝාතනය…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 10කින් ජයගැනීමය නවසීලන්ත කණ්ඩායම සමත්විය. චෙන්නායිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත් වුණි. එම ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් නායක මොහොමඩ් වසීම් ලකුණු 66ක් රැස්කළේය. ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්වාර 15යි පන්දු 2ක් තුළ කිසිවෙකුත් නොදැවී ලකුණු 175ක් රැස්කරමින් සිය ඉලක්කය පසුකර ගියේය. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Tim Seifert නොදැවී ලකුණු 89ක් රැස්කළ අතර Finn…
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයේ (CPI) ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව රටවල් 14ක් අභිභවමින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව නවතම CPI නිවේදනයට අනුව, ශ්‍රී ලංකාව 2024 දී 121 වන ස්ථානයේ සිට 2025 දී 107 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර එය 2024 වසර වසරේ ලද ලකුණු ප්‍රමාණයට වඩා +3ක වර්ධනයක්. ලෝකයේ රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාව මේ වන විට 107 ස්ථානයේ රැඳී සිටියි. දූෂණ සංජානන දර්ශකය (CPI) යනු ලෝකයේ බහුලව භාවිතා වන ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීමක් වන අතරඑය එක් එක් රටේ රාජ්‍ය අංශය කෙතරම් දූෂිතද යන්න මනිනු ලබනවා. 2024 දී, ශ්‍රී ලංකාව එහි නරකම…
මැතිවරණවලට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් ‘හීන තිබෙන’ පිරිස් ඔවුන්ට ඇති නඩු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව, ඔවුන්ට ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරමින් පවතින බවත්, ඒවා අවසන් අදියරේ පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඔවුන් ‘එළියේ සිටියොත්’ පමණක් ඔවුන්ට මැතිවරණවලට ඉදිරිපත් විය හැකි බවද ඔහු පවසා සිටියා. අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටු කරන බවට ඉදිරි මාස කිහිපයේදී ජනතාවට දැක ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
