Author: Samudra Maduwnthi

රජයේ නිල නිවාසවලින් කිහිපයක් වත්මන් කථානායකරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 07 කට ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා. ඒ අනුව ඔවුන්ගේ වැටුපෙන් කුලිය අයවන ලෙස එම නිවාස ලබාදී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (17) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රජයේනිවාස #කථානායක #නියෝජ්‍යඅමාත්‍ය #චන්දනඅබේරත්න #පාර්ලිමේන්තුව #චාමරසම්පත් #වැටුප #කුලිය #පරිපාලන #ශ්‍රීලංකා

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (17) උදෑසන 8.00 සිට වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට ‘තුණ්ඩු’ නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සොයන හැර අතිරේක කිසිදු සායනයකට එක් නොවීම මෙහිදී සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. 2026 මුදල් වර්ෂයට අදාළව, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රජයේවෛද්‍ය #නිලධාරීන්…

Read More

ගංජා මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එම සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක් වන අතර, එසේම ‘හාපත්ගමුව’ විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු වශයෙන් ද කටයුතු කරන බවයි සඳහන් වන්නේ. පොලීසියට ලද තොරතුරක් මත සිදු කරන ලද හදිසි වැටලීමකදී අලෙවිය සඳහා සකස් කර තිබුණු ගංජා ග්‍රෑම් 86 ක් සමඟ එම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන අතර, අද දිනයේදී ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ගංජා #මත්ද්‍රව්‍ය #බදුල්ල #පල්ලේවත්ත #පොලීසිය #අත්අඩංගුව…

Read More

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #භූවිද්‍යා #පතල්කැණීම් #අනුරවල්පොල #අත්අඩංගුව #අල්ලස්කොමිසම #ශ්‍රීලංකා #නීතිපාලනය #අත්අඩංගුවටගැනීම #අල්ලස් #සමාජමාධ්‍ය

Read More

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති බව වාර්තා වේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #AjithRajapaksha #CorruptionInquiry #SriLankaPolitics #AntiCorruption #PoliticalAccountability #Transparency #SriLankaNews #FormerDeputySpeaker #Investigation #PublicIntegrity

Read More

මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා එම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවය අදින් (15) අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. රජය සිය ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුන් මෙම විරෝධතාවය අවසන් කර ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාවය අඛණ්ඩව දින 105ක් පැවතිණි. පසුගිය සැප්තැම්බර් 27වැනිදා රාත්‍රියේ, සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මන්නාරම #සුළංවිදුලි #විරෝධතාව #ආරක්ෂාව #කැනීම් #ජනතාඅයිතිවාසිකම් #පරිසරය #රජය #සමාජය #අපේක්ෂාව

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අය වැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ කාරක සභා විවාදයේදී රාජ්‍ය පාරිපාලන ඇමතිවරයා විසින් යෝජනාකළා විශේෂ තේරීම් කාරක සභා ක්‍රමයක්. ඒක කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත්වෙනවා.” newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පළාත්සභා #මැතිවරණය #නීතිමය #කඩිනම් #තේරීම්කාරක #සභානායක #අමාත්‍ය #අයවැය #රාජ්‍යපාරිපාලන #විවාදය

Read More

පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිඛෙනවා. එසේම, එම ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමටත් එම කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පරිපාලනය #ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය #පොලිස්පති #සංජීවධර්මරත්න #ජාතිකපොලිස්කොමිෂන් #ලලිත්පතිනායක #මධ්‍යමපළාත #පොලිස්සේවා #නවපත්කිරීම් #ශ්‍රීලංකා

Read More

ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබේ. ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමග ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කරන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය. මීට පෙර ස්විට්සර්ලන්තයට 39%ක තීරු බදු ප්‍රතිශයක් පැනවීමට අමෙරිකාව පියවර ගන්නා ලදි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ස්විට්ස්ර්ලන්තය #අමෙරිකාව #තීරුබදු #වෙළඳගිවිසුම #උද්ධමනය #ආර්ථිකය #බදුඅඩුකිරීම #සංවාද #ජාතිකආර්ථිකය #අන්තර්ජාතිකවෙළඳ

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති නොරොච්චොලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසනවා. ස්ථානාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ දුරකථන සංවාදයේ යෙදෙන ආකාරය දැක්වෙන හඬ පට පිළිබදව හෙළිවීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, ඉන් පසුව අවශ්‍ය පියවර ගන්නා බවයි පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසා සිටියේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මත්ද්‍රව්‍ය #ජාවාරම් #පොලිසිය #පරීක්ෂණ #නොරොච්චොලේ #ස්ථානාධිපති #ආරක්ෂකඅමාත්‍ය #අරුණජයසේකර #හඬපට #සමාජමාධ්‍ය

Read More