Author: Samudra Maduwnthi

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලැබූ බවය. කෙසේ නමුත් තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එම වාර්තාවන්හි දැක්වේ. මියගිය අය අතර පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද සිටින බව සඳහන්. පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට…

Read More

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා ප.ව. 6ට සිදුකරන බවය. මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (14) සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය. මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා…

Read More

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බල රහිතකිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කරතිබුණා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරනවාදැයි ප්‍රශ්න…

Read More

ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක මහතා විසින් අයවැය ඉදිරිපත් කර ඇති අතර, එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී ඇත. මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලවේගය හා පෙරටුගාමී පක්ෂය සිය ඡන්දය භාවිත කර තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 1කින් ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකජනබලවේගය #ඌවපරණගම #අයවැය #පරාජය #දිනදාසරත්නායක #පක්ෂව #විපක්ෂව #සභාපති #පොදුජනඑක්සත්පෙරමුණ #ශ්‍රීලංකා

Read More

නවීන තාක්ෂණය මුසු කොට, ‘සුවසැරීය’ ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවත්, මෙම ගිලන් රථ සේවාවට ලොව පවතින නවීනතම තාක්ෂණය එක් කරමින්, නව්‍යකරණයට ලක් කිරීමටද කටයුතු කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තවත් ගිලන් රථ 100 ක් ලබා ගැනීමට කටයුතු කරන බව ද, එසේ ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20 ක්ද, තවත් ගිලන් රථ 25 ක් ප්‍රදානයක් ලෙස ද ලැබීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ…

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබුණු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. තුසිත හල්ලොලුව අද දින සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ පෙනී සිටි අතර, ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා සැත්කමකට භාජනය වී සිටි නිසා ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි සඳහන් කළේ. සැකකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත්, ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා. ඒ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළ අතර, නඩුව යළි ජනවාරි 22 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බවයි…

Read More

ශ්‍රී ලංකාව ගැන 5 වෙනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය සුදානමින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. IMF මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය. “මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රි ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය…

Read More

උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල සියලුම පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමි වූ බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත, ආබාධිතසිසුන්ට එම අවස්ථාව හිමිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. මෙතෙක් ආබාධිත සිසුන් ඇතුළත් කර ගැනුණේ විශ්ව විද්‍යාලවල පීඨ 04 ක් සඳහා පමණක් බවයි සඳහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #උසස්පෙළ #විශ්වවිද්‍යාල #ආබාධිතසිසුන් #අධ්‍යාපනය #පාර්ලිමේන්තුව #අමාත්‍යවරයා #උසස්අධ්‍යාපනය #සිසුන්ගේඅයිතිවාසිකම් #අධ්‍යාපනප්‍රතිඵල #සමානඅවස්ථා

Read More

නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. ඊයේ (13) දිනයේදී මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක එම ධුරයෙන් සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා මීට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ රසික පීරිස් එම ධුරය සඳහ පත්කර තිබෙනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #නවමැතිවරණ #කොමසාරිස් #ජනරාල්වරයා #රසිකපීරිස් #ශ්‍රීලංකා #මැතිවරණ #රාජ්‍යසේවා #විශ්‍රාම #නවකතා #පිළිවෙල

Read More

2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා අබුඩාබි හිදී පැවැත්වෙන බව ඉන්දීය ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිඛෙනවා. වෙන්දේසියට දින නියමවීමත් සමඟ, එක් එක් කණ්ඩායම් විසින් නොවැම්බර් 15 වැනිදා ඉන්දීය වේලාවෙන් ප.ව. 3.00 ට පෙර ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ යුතු බවයි සඳහන් වන්නේ. ඉන් අනතුරුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව සකස් කරන බවද සඳහන්. 2026 IPL තරගාවලිය මාර්තු 15 සිට මැයි 31 දක්වා පැවැත්වීමට නියමිතයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #IPL2026 #CricketAuction #AbuDhabi #IndianCricket #PlayerDraft #IPLTeams #CricketNews #SportsEvent #CricketFans #IPLSeason

Read More