Author: Samudra Maduwnthi

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේ ද යන්න පිළිබඳව දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. මේ වන විට 500 කට ආසන්න ඖෂධ සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බවත්, ඊට අදාළ මිල සූත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ. නව මිල සූත්‍රය අනුව මිල නියම කිරීමෙන් ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් විශාල ලෙස අඩු වූ අතර, එම වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳව එම විමර්ශනවලදී සොයා බලන බවද, නියමිත උපරීම මිල ඉක්මවා ඖෂධ අලෙවි කරන ඖෂධහල්වලට එරෙහිව පියවර ගන්නා…

Read More

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව, වගා කරන ලද බිත්තර වී වගාව, ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානිවලින් සිදු වන හානි සදහා ආවරණය කර ඇති අතර, අක්කර 01 ක් සඳහා කන්නයකට රුපියල් 13,600 ක වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රුපියල් 180,000 ක වන්දි මුදලක් ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ. මෙම බිත්තර වී ගොවිපළවල්වලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීප් සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බවත්, බිත්තර වී නිෂ්පාදනය දිරීමත් කිරීම තුළින් ගොවියා වගාව තුළ…

Read More

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය නුගේගොඩ දී ආරම්භ කර තිබෙනවා. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ලංකා සීනි සමාගම විසින් තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්ත්වයෙන් ඉහළ දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණින් මෙම අලෙවි ජාලය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් තත්ත්වයෙන් උසස්, දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව ලැඛෙන අතර, උක් ගොවි පවුල් දෙලක්ෂ පනස් දහසක් ශක්තිමත් කිරීමට ද අවස්ථාව උදා වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ලංකාසීනි #දුඹුරුසීනි #අලෙවිජාලය #නුගේගොඩ…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වී ඇති සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට්‌ මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගියදා වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් සභික ධුරයක් පුරප්පාඩුව පැවති අතර, ඒ වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #වැලිගම #සමගිජනබලවේගය #සභිකධුරය #සමීර්ධනුෂ්ක #ලසන්තවික්‍රමසේකර #පුරප්පාඩු #ප්‍රාදේශීයසභාව #ශ්‍රීලංකා #දේශපාලන #සමාජය

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් රක්ෂණයට නීත්‍යානුකූල නොවන ලෙස තැරැව්කාර සමාගමක් පත් කර ඒ හාරහා ශ්‍රී ලංකා රක්ෂණය සමාගම විසින් රුපියල් 4,750,828.72 ක මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සැලැස්වීම මගින් රජයට සිදුකළ පාඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #දූෂණ #අල්ලස් #ප්‍රසන්නරණතුංග #අල්ලස්කොමිසම #ශ්‍රීලංකා #නීති #රක්ෂණ #සංචාරකඅමාත්‍යාංශය #අමාත්‍යවරයා #චෝදනා

Read More

වත්මන් ආණ්ඩුවට ජනතා ගැටලු විසඳීමට මුදල් නොමැති නමුත්, කැබ් රථ ගෙන ඒමට මුදල් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජප්පක්ෂ පවසනවා. ඖෂධ ගෙන ඒමට, අල හා ලූණු ගොවීන්ගේ ගැටලුවට විසඳුම් ලබා දීමට, පොහොර ගෙන ඒමට රජයට මුදල් නොමැති බවත්, නමුත් කැබ් 1,775 ක් ගෙන ඒමට මුදල් ඇති බවයි අද (11) අයවැය විවාදයට එක් වෙමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ. කැබ් 1,775 ක් අවශ්‍ය බවට රජයේ කුමන විගණන වාර්තාවක දැක්වෙන්නේ දැයි ගැටලුවක් මතු වන බවද, රජය විසින් තමන් අමාරුවෙන් රට ගොඩ දමන බවට ප්‍රකාශ කරන බවත්, නමුත් කැබ් ගෙන ඒමට නම් ඔවුන්ට මුදල් ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ආණ්ඩුව මුල්…

Read More

තමා දන්නා පරිදි, සමගි ජන බලවේගය 21 වැනිදා රැළියට සහභාගී නොවන බවට තීරණය කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. කෙසේ නමුත්, පක්ෂයෙන් රැළියට යාමට තීරණයක් ගතහොත්, තමා එයට නොයාමට තීරණය කර ඇති බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ. වඳ කොත්තු ගැන සිදු කළ චෝදනා, කොවිඩ් වසංගත කාලයේදී මුස්ලිම් මෘතදේහ පිළිස්සූ අයුරු ආදිය පිළිබඳව තමාට අමතක කළ නොහැකි බව ද, ඒ නිසා තමාගේ හෘද සාක්ෂියට එකඟව එම රැළියට යාමට නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළා. උසාවියේ නඩු තිබෙන අයට සහ හිරේ යාමට ඔන්න මෙන්න සිටින අයට ලොකු හදිස්සියක් ඇති බවත්, නමුත් තමන්ට…

Read More

හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසනවා. එම මැතිවරණයේදී විපක්ෂයේ ශක්තිය පෙන්වීමට තමන් සූදානම් බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේ. වත්මන් ආණ්ඩුවේ ‘කයිතන්ලාට’ කතා පමණක් හැකි බවද, වැඩ බැරි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර වැඩිදුරටත් සඳහන් කර සිටියා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ප්‍රසන්නරණවීර #පළාත්සභාමැතිවරණය #විපක්ෂශක්තිය #ජනහමුව #අභියෝගය #කයිතන්ලා #ආණ්ඩුව #ශ්‍රීලංකා #දේශපාලනය #සමාජය

Read More

පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිතකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර්සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙතකාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප‍්‍රවාහන මාධ්‍ය අන්තර්සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිත ව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු…

Read More

මේ මාසය අවසන් වීමට පෙර බස් රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, බස් ඩිපෝ 107 න් සැලකිය යුතු ප්‍රමාණයක බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කර ඇති බවයි අද (11) පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මෑත කාලයේදී බස් රථ 173 ක් නැවත අලුත්වැඩියා කර සේවයට යොදවා තිබෙන බවද, අලුත්වැඩියා කිරීමේ කටයුතු 2026 මැයි මාසයට පෙර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වංචා දූෂණ නැති කරමින්, ලංගම ගොඩ ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත්…

Read More