Author: Samudra Maduwnthi

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුවිය. ඒ ඊයේ (12) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම කියුබාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ගොඩනැගීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී කියුබාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙනුත් මෙහිදී තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා සිය විශේෂ ස්තුතිය පළ කරන ලදී. වත්මන් කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා…

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ, අත්හදා බැලීමේ පදනම මතහඳුන්වා දුන් නව Check-in කවුන්ටර 14 ක් ආරම්භ කර තිබෙනවා. මාසයක් ඇතුළත මෙම ඉදිකිරීම් සිදු කළ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ශීත සෘතුවේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්ගේ පහසුව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කැටුනායක #බණ්ඩාරනායක #ජාත්‍යන්තරගුවන්තොටුපළ #CheckIn #සංචාරකසංවර්ධන #ශ්‍රීලංකා #ගුවන්තොටුපළ #නවකවුන්ටර් #සහය #සෘතුවේගමන්

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින්, ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වා ගෙන යාම පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිඛෙනවා. අදාළ නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී, විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. එහිදී ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත්, එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වා ගෙන යාම පදනම් විරහිත…

Read More

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 03 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. එසේම, එම ලැයිස්තුවේ 07 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් පෙරේරා සමත්ව තිබෙනවා. ඉන්දියාවේ අභිෂේක ෂර්මා පළමු ස්ථානයේත්, එංගලන්තයේ Phil Salt දෙවන ස්ථානයේත් රැඳී සිටිනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ක‍්‍රිකට් #ශ්‍රීලංකා #ජාත්‍යන්තරක‍්‍රිකට් #විස්සයිවිස්ස #පිතිකරු #නිස්සංක #කුසල්පෙරේරා #අභිෂේකෂර්මා #PhilSalt #කණ්ඩායම්ක්‍රිකට්

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා. ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටද නියම කර තිඛෙනවා. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04 ක සේවකයින් සදහා ලබාදුන්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.58ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.07ක් ලෙස ඉහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි. ලංකා බැංකුව – රු. 300.75 – රු. 307.75 ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 298.04- රු. 308.27 කොමර්ෂල් බැංකුව – රු. 299.03 – රු. 307.50 සම්පත් බැංකුව – රු. 301.00 – රු. 307.5 අමානා බැංකුව – රු. 302.40 – රු. 306.40 newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka…

Read More

මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල්ගස් නරක් වීමේ රෝගයක් හේතුවෙන්, පොල් ගස් 5,000 ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිඛෙනවා. “වැලිගම වින්ට්” නමින් හැඳින්වෙන මෙම රෝගය, “රේන්ද මකුණා” යන නාමයෙන් හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියෙකු විසින් ඇති කරන බව මේ වන විට හඳුනාගෙන ඇති බවයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ. දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,250 ක් මෙම රෝගයට ගොදුරු වී ඇති බවද, මේ රෝගය ගසකට වැළඳුණු පසු ඒ ගසෙන් තවත් ගස්වලට රෝගය බෝවන බවද ඔහු ප්‍රකාශ කළා. මෙම රෝගය ඉන්දුනීසියාවේ සිට මුහුදු මාර්ගය හරහා පැමිණ ඇති බවයි…

Read More

එක්දින ශ්‍රේණිගත කිරීම් හී 4 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානයට දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පසුබැස තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල​යේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙලෙස ශ්‍රී ලංකාව පසුබැස ඇත. ඒ අනුව එතෙක් 5වැනි ස්ථානයේ සිටි පාකිස්තාන කණ්ඩායම 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLankaCricket #InternationalCricketCouncil #CricketRankings #SriLanka #PakistanCricket #SportsNews #CricketUpdates #TeamSriLanka #CricketFans #GameOn

Read More

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන නොවැම්බර් මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අනුරාධපුරය #හෙරොයින් #විදුහල්පති #අත්අඩංගුව #තඹුත්තේගම #මහෙස්ත්‍රාත් #රක්ෂිතබන්ධනාගාර #නොවැම්බර්26 #නීතිය #ශ්‍රීලංකා

Read More

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේ ද යන්න පිළිබඳව දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. මේ වන විට 500 කට ආසන්න ඖෂධ සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බවත්, ඊට අදාළ මිල සූත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ. නව මිල සූත්‍රය අනුව මිල නියම කිරීමෙන් ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් විශාල ලෙස අඩු වූ අතර, එම වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳව එම විමර්ශනවලදී සොයා බලන බවද, නියමිත උපරීම මිල ඉක්මවා ඖෂධ අලෙවි කරන ඖෂධහල්වලට එරෙහිව පියවර ගන්නා…

Read More