Author: Samudra Maduwnthi

චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ තෙවන අදියරේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් තීරණය ලබන මාර්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (09) පෙරවරු 09.30 ට කැඳවූ අතර, එහිදී මෙම සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව එම ස්ථානය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් විසින් එහි ඊළඟ නඩු විභාගය ලබන මාර්තු 16 වැනිදා සිදු කිරීමටත්, එදිනම සමූහ මිනීවළෙහි තෙවන අදියරේ කැණීම් සඳහා දින නියම කිරීමටත් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

Read More

අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නානුඹය ප්‍රදේශයේදීයි. ගුරුවරයාගෙන් පහර කෑ දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. අදාල ගුරුවරයා තමන්ට දිගටම පහර දුන් බවත්, හිස මේසයට තියා තද කර පිටට ද පහර දුන් බව එම දියණිය සඳහන් කරන අතර වේදනාව දරාගත නොහැකි තැන තමන්ට මුත්‍රාපිටවූ බවද දියණිය සඳහන් කරනවා.

Read More

වෙනිසියුලා විපක්ෂය නියෝජනය කරන ස්ටිස් ෆස්ට් පක්ෂයේ නායකයා නිදහස් කිරීමෙන් පැය කිහිපයකට පසු පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පැවසුවේ ස්ටිස් ෆස්ට් පක්ෂයේ නායක ජුවාන් පැබ්ලෝ ගුවානිපා රැඳවුම් භාරයෙන් නිදහස් වී පැය කිහිපයකට පසු පැහැරගෙන ගොස් ඇති බවයි. ඇය වැඩිදුරටත් කියා සිටියේ ඔහු කැරකස් අගනුවර ලොස් චොරෝස් අසල්වැසි ප්‍රදේශයේදී රැගෙන ගොස් ඇති බවයි. සිවිල් ඇඳුම් වලින් සැරසුණු සන්නද්ධ පුද්ගලයින් වාහන හතරකින් පැමිණ ඔහු බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා. ජාතික සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ද වූ ගුවානිපා මාස අටක් සිරගතව සිටියා. ඔහු ජනවාරි මාසයේදී ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු නිදහස් කරන ලද දේශපාලන…

Read More

ඇතැම් සිදුවීම් හරහා පෙනී යන ආකාරයට රට යන ගමන් ගමන එතරම් සුබදායක නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ජන්ම භූමි නව නිදහස් ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. එහිදී රාහුල හිමියන් පැවසූවේ මෙවැනි අදහසක්. ”කොහේද අපේ රටේ ආරක්‍ෂාව ගැන, අපේ උරුමය ගැන, අපේ කම ගැන කතා කරන්නේ, බුද්ධාගමේ ආරක්ෂාව පිළිබඳව අනෙකුත් ආගම්වල ආරක්ෂා පිළිබඳව කොහෙද කතා කරන්නේ, ජාතික සමඟිය පිළිබඳ කොහෙද කතා කරන්නේ, කොන්දේසි විරහිතව අපි එබඳු තැන්වලට පැමිණෙන්නට අපි තීරණය කරලා තියෙනවා. අපිට දැනිච්ච දෙයක් තියෙනවා. ඒ දැනිච්ච දේ තමයි මේ යන ගමන හොඳ නෑ කියන…

Read More

මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරකු හෝ කොන්දොස්තරවරයකු හඳුනා ගැනීමට හැකි වුවහොත්, එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. තමන්ගේ බස් රථ රියදුරා හෝ කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා ද, නැද්ද යන්න සම්බන්ධයෙන් බස් රථ හිමියා දන්නා බවයි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරු හෝ කොන්දොස්තරවරයකු සිටීමට නොහැකි බවත්, බලපත්‍රය අහිමි කර ගන්නවා වෙනුවට, වගකීමෙන් යුතු, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවුණු පිරිස් ඒ සඳහා යොදවා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් බස් හිමියන්ගෙන්…

Read More

ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000 කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා. 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අනුව, දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289 ක් පවතින බවයි සඳහන් වන්නේ. ඉන් නඩු 1,683 ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා. ළමුන්ට අදාළව කරනු ලබන අසභ්‍ය පළ කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුලියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෲරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය, බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනු…

Read More

බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්තමහතා මෙසේ පැවැසුවේ. ඉඩම් ආරවුලක් පදනම් කරගෙන තම මව ගෙල සිර කර මරා දැමූ බවට මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකාර පුතකු එකී චෝදනාවට වරදකරු කරමිනි. ඒ අනුව ඉඩම් ආරවුලක් ඇති කරගෙන බහින් බස් වීම් ඉක්මවා යමින් තදබල ගැටුමක් දක්වා ගෙන ගොස් ගෙල සිර කර තම මව මරා දැමූ බවට බළපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර පුතා එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්තමහතා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය. ගෙල සිර කර තම මව ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවද…

Read More

ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් අධ්‍යපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්, “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අද (2026.01.29) පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහන අතුරුගිරිය බප/ජය/ ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී විෂයභාර අමාත්‍යතුමිය ලෙස අග්‍රාමාත්‍යතුමිය විසින් සිය කතාවේදී මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා දරුවන්ට අසාධාරණයක් සිදු නොකරන බවත් ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එම දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත් පැවසූ අතර ඒ පුවත යම් වැරදි වටහා ගැනීමකින් 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ මේ වසරේ ක්‍රියාත්මක වන බව සදහන් කරමින් සාවද්‍ය පුවතක් පළ වෙමින්…

Read More

අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දුන් රාජ්‍ය ආයතන 250හි ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත් වී තිබෙනවා. මෙම වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස රාජ්‍ය ආයතන 106ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා එම නිලධාරීන් පුහුණු කිරීම මීට පෙර සිදු කරන ලද අතර, එහි දෙවන පියවර ලෙස තවත් රාජ්‍ය ආයතන 250ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අනුග්‍රහය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කළා.…

Read More

ක්‍රම වෙනසක් සිදු කිරීමට පැමිණි ආණ්ඩුවට සිදුව ඇත්තේ ආණ්ඩුව තුළ සිදුවන වංචා දූෂණ බේරා ගැනීමට සුදු හුණු ගෑමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. ගල් අඟුරු ගෙන්වීම සඳහා ප්‍රසම්පාදනය ආරම්භ කළ මොහොතේ සිට කටයුතු කරන්නේ ඩීල් දැමීමේ සහ හොරකම් කිරීමේ අරමුණින් බවයි අද (29) මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Read More