Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිඛෙනවා. ඒ අනුව, අද සවස 2.00 ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ. රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතබවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අයවැය #විපක්ෂය #කොළඹ #සමගිජනබලවේගය #පාර්ලිමේන්තු #ආර්ථිකය #අනාගතය #වැඩමුළුව #විද්වතුන් #රංජිත්මද්දුමබණ්ඩාර
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (06) දින නියම කළේය. මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මෙහිදී පැමිණිල්ල විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශ්වයට භාරදුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස නියෝග කළේය. රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස…
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) ප්‍රධාන දේශනයක් පවත්වා තිබේ. එහි දී විපක්ෂ නායකවරයා විසින් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවේ ඓතිහාසික හා පරිණාමය වෙමින් පවතින භූමිකාව අගය කරමින් එය “beacon of strategic autonomy and South–South cooperation.” ලෙස විස්තර කළේය. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා නැවත වරක් තහවුරු කළ අතර, ඉන්දියානු සාගරය සාමයේ සහ සහයෝගීතාවයේ කලාපයක් ලෙස ආරක්ෂා කිරීමේ හවුල් වගකීම ද අවධාරණය කළේය. එසේම භූ ආර්ථික විද්‍යාවේ නැගීම සහ ආර්ථික හා ආරක්ෂක ප්‍රමුඛතා අභිසාරීවීම…
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.…
ශ්‍රී ලංකා සංචාරක හා හොටෙල් කළමනාකරණ ආයතනය සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන සත්කාරය ශ්‍රමසේනා ව්‍යාප්තියේ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වුණි. ඒ සඳහා සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගී විය. අස්වැසුමලාභී පවුල් දුප්පත්කමින් මිදවීම අරමුණුකොට එම පවුල්වල දරුන්වන් 108ක් මෙම වැඩසටහන හරහා හොටෙල් ක්ෂ්ත්‍රයේ පුහුණුව සඳහා බඳවා ගැනීම මෙහිදී සිදුකෙරිනි. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, “අස්වැසුම හැමදාම බෙදන්න ඇවිල්ලා නෑ.ඒක දේශපාලන සටන් පාඨයක් කරගෙන අපි මෙච්චර පවුල්වලට අස්වැසුම දුන්නා කියලා පම්පෝරි ගහන්න අපට උවමනාවක් නෑ. අපි සතුටු වෙන්නේ අපේ රටේ අස්වැසුම ඉවර වුණ දවසට. ඒකට විසඳුමක් දීල වැඩපිළිවෙළක් දීලා ඒක ඉවර කරන්න ඕන. තෝරාගැනීම් දෙකෙන්…
ආදයම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024, 2025 වර්ෂවලට අදාළ ආදයම් බදු වාර්තා මාර්ගගතව ලබන 31වන දින හෝ එදිනට පෙර භාර දීම අනිවාර්ය බව දේශීය ආදයම් බදු දෙපාර්තමේතුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත දිනට ආදයම් බදු වාර්තා ලබා නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරණ දේශීය ආදයම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි. වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදයම් ප්‍රාදේශීය කාර්‍යාලයෙන් ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සඳහන් කළා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ආදයම්බදු #ලියාපදිංචි #2024 #2025 #බදුවාර්තා #දේශීයබදු #නීතිමයක්‍රියාමාර්ග #IRDSriLanka #බදුපනත #බදුදෙපාර්තමේන්තුව
ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකු නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා – “මහ බැංකු අධිපතිතුමනි, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් යොමුකළ විට මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, උදාහරණයක් විදිහට උද්ධමනය හෝ විනිමය අනුපාත පිළිබඳව සාමාන්‍යයෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ ? මක්නිසාදයත් පාර්ලිමේන්තුව තුළ මහ බැංකුවේ නියෝජනයක් නැහැ.” මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – “මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් යොමුකළ විට එය ඍජුවම යොමුවන්නේ මුදල් අමාත්‍යවරයාට.…
උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි. ඔහු සඳහන් කළේ අලුතින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල් ප්‍රධානය සිදු කරන බවයි. මෙම පොල් ත්‍රිකෝණය තුළ පැළ ලක්ෂ 10ක් වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පොල්වගා #අක්කරයකටරුපියල්30000 #සහනාධාර #ජලපහසුකම් #පොල්ත‍්‍රිකෝණය #වගාකරුවන් #පොල්වැඩසටහන #උතුරුපොල් #සභාපති #වෛද්‍යසුනිමල්
රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවැසීය පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කළ බව කී අමාත්‍යවරයා එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සදහන් කළේය මේ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇත. කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනඅකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට…
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කෙරිණි. බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂෙත්‍රය සහ මීට අදාළ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි නිලධාරීන් සහ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කර ඇත. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබාදීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව පිහිටුවීමේ අරමුණ වේ. බුද්ධිමය දේපළ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය ඩී.එම්. කරුණාරත්න, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි…
