Author: Samudra Maduwnthi

‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතව තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #2025පාසල් #අධ්‍යාපනඅමාත්‍යංශය #තෙවනපාසල්වාරය #සිංහලපාසල් #දෙමළපාසල් #මුස්ලිම්පාසල් #පාසල්අදියර #අධ්‍යාපනය #ශ්‍රීලංකා #පාසල්සංවර්ධනය

Read More

ජාතික ජන බලවේගවේ නාගරික මන්ත‍්‍රීවරියකගේ විදුහල්පති ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමත් සමඟම, පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇද්දැයි යන ගැටලුවද මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මීට පෙර තංගල්ල, මිද්දෙනිය, වීරකැටිය සම්බන්ධයෙන් කතා කළ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විසින් පොදුජන පෙරමුණට චෝදනා එල්ල කළ බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේ. මිද්දෙනිය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වූ ආකාරයටම මොවුන්ට ද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව ද, නමුත් මාලිමාවට සම්බන්ධ කෙනෙක් හසු වූ පසු, දවසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඉන්පසු එය යට ගැසීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා. සියලු දෙනාටම එක හා සමානව නීතිය ක‍්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය රකුසා මේ රටෙන් ඉවත්…

Read More

ජාතික ජන බලවේගයේ ‘රටම එකට’ යන නමින් යුත් ‘කුඩු අල්ලන මෙහෙයුම’ පක්ෂ අභ්‍යන්තරයේම ‘කුඩේ කුඩු’ වී ඇති බව සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ පවසනවා. කුඩුකාරයන් ඇල්ලීමේ දී, නිරන්තරයෙන් පොහොට්ටුවට චෝදනා කළ බවත්, එලෙස පොහොට්ටුවේ කුඩුකාරයන් ඇල්ලීමට කටයුතු කළේ මාලිමාවේ කුඩුකාරයන්ට උදව් කිරීමට දැයි ගැටලුවක් මතුවන බවයි ඔහු ප්‍රකාශ කළේ. ‘රටම එකට’ ජාතික මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද, එහෙත් එම වැඩසටහන පවත්වන අවස්ථාව වන විටත් අදාළ මන්ත‍්‍රීවරියගේ පුත්‍රයා අත්අඩංගුවට පත්ව සිට ඇති බව ද, නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් හෙළි කිරීමට කටයුතු නොකළ බව ද ඔහු සඳහන් කළා. ‘පාරේ සිටින බල්ලන්ට’ එන්නත් කිරීමට පෙර,…

Read More

මාලිමා නාගරික මන්ත‍්‍රීවරියකගේ සැමියා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ගැන ආණ්ඩුව නිශ්ශබ්දව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ඒ අනුව, ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින් කුඩුත් සමඟ හසුවී, සිය පවුල පිටින් අත්අඩංගුවට පත්වන විට ‘ඩෝබි වොෂින්ටන්ලා’ ද නිශ්ශබ්ද වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේ. මෙය යම් හෙයකින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ හෝ විපක්ෂයේ පක්ෂයකට සම්බන්ධ කෙනෙකුගෙන් සිදු වූවා නම්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කරන බවද, පොලිසිය භාර ඇමතිවරයා, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මාධ්‍ය ප්‍රකාශයන් නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld…

Read More

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බංග්ලාදේශයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබේ. මොහොමඩ් අෂ්රෆුල් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අතර ඔහු ටෙස්ට් තරග 61ක්, එක්දින තරග 177ක් සහ විස්සයි විස්ස තරග 23ක් සඳහා ක්‍රීඩාකර තිබේ. එළැඹෙන දෙසැම්බර් මාසයේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වනු ඇති බව වැඩිදුර සඳහන්ය. බංග්ලාදේශයේ හිටපු සහාය පුහුණුකරු මොහොමඩ් සලහුදීන් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟ මෙලෙස මොහොමඩ් අෂ්රෆුල් ඒ සඳහා නම් කර තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #BangladeshCricket #MohammadAshraful #CricketCoach #BangladeshTeam #CricketTraining #TestCricket #ODICricket #T20Cricket #CricketNews #SportsUpdates

Read More

2015 වසරේ යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අද (6) අවසන් විය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය මෙලෙස අවසන් කර ඇත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ලබාදීම පසුවට කල් තැබීය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #JusticeForSivaloganadan #YapahuwaSchoolIncident #SriLankaJustice #LegalSystem #HumanRights #EndViolenceAgainstWomen #CourtProceedings #SupremeCourt #JusticeDelayed…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම එළඹෙන 28 වැනිදා සිදු කිරීමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව, ඊට අදාළ ගැසට්‌ නිවේදනය දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය විසින් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා ප්‍රාදේශීය සභාවේ සභාපති නිල මැදිරිය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් මේ වන විට එම සභාපති ධුරය පුරප්පාඩුව පවතිනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #වැලිගම #ප්‍රාදේශීයසභාව #නවසභාපති #ගැසට්නිවේදනය #දකුණුපළාත #ප්‍රාදේශීයපාලන #ලසන්තවික්‍රමසේකර #සභාපතිධුරය #සිදුවීම් #ශ්‍රීලංකා

Read More

ලාදුරු රෝගය මෙරටින් තුරන්කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් ව සිටියා. ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම මෙහිදී සිදු වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා ද‍ායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත් වෙනවා. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ, 1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින්…

Read More

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (05) දිනයේදී පුද්ගලයන් 29,491 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 23 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 746 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එසේම, වරෙන්තුකරුවන් 224 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 22 ක් සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් 30 ක්ද හඳුනාගෙන ඇති බවයි පොලිසිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අපරාධ #මත්ද්‍රව්‍ය #පොලිසිය #අත්අඩංගුව #සැකපිට #වරෙන්තුකරුවන් #බීමත්රියදුරන් #රියපැදවීම #නිවාරණමෙහෙයුම් #සමාජආරක්ෂාව

Read More

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිඛෙනවා. ඒ අනුව, අද සවස 2.00 ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ. රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතබවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අයවැය #විපක්ෂය #කොළඹ #සමගිජනබලවේගය #පාර්ලිමේන්තු #ආර්ථිකය #අනාගතය #වැඩමුළුව #විද්වතුන් #රංජිත්මද්දුමබණ්ඩාර

Read More