Author: Samudra Maduwnthi

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ දින (30) සවස වනවිට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගියේය. මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් සිටින බවයි. රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුව වසරක දී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්ථාගත ආදායම ලබා තිබීම සුවිශේෂීය. මෙලෙස ලැබූ ආදායම්වලින් රුපියල් බිලියන 630ක්ම අන්තර්ගතව ඇත්තේ මෝටර් රථවලින් වලින්ය. ඒ අනුව වසර අවසන් වනවිට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක්…

Read More

අද (31) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කාලගුණ #වැසි #අනාවැකි #දිවයින #මධ්‍යමපළාත #සබරගමුව #ඌව #කාලගුණවිද්‍යාව #මීදුම් #අදදිනය

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූ එකඟතා මත මෙම තීරණය ගත් බවය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් එකඟ වූ බව එම සංගමය පවසයි. එමෙන්ම එම එකඟතාවයන්, අද දින පැවැත්වෙන…

Read More

දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය වන Grand Order of Mugunghwa අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමා තිබෙනවා. ඒ කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්න වෙනුවෙන්. දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයට අනුව, මෙම සම්මානය ලැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප්. මෙම සම්මානය, රාජ්‍ය නායකයන් සඳහා වෙන් කර ඇති කොරියාවේ ඉහළම ගෞරවයයි. එය දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් විසින් ට්‍රම්ප්ට පිරිනැමුවා. මෙම කීර්තිමත් සම්මානය පිරිනැමීම සිදුවූයේ ට්‍රම්ප් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවටසහභාගී වෙමින් සිටියදී ග්යොන්ග්ජුහිදීයි. මෙම පිරිනැමීමේ අරමුණ වූයේ කොරියානු අර්ධද්වීපයේ සාමය ඉදිරියට ගෙන යාමේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිගැනීම සහ කලාපයේ ‘සාමය ඇති කරන්නෙකු’ ලෙස ඔහුගේ කාර්යභාරය දිරිමත් කිරීමට බවයි එරට වාර්තා පවසන්නේ. රාජ්‍ය…

Read More

ශ්‍රී ලංකාවේ තේ, කෝපි සහ දුම්කොළ වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන දූත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොංග්‍රසයේ ‍ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින්ගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. කෘෂිකර්ම හා පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ සභාපතිත්වයෙන් පැවති මෙම හමුවේදී තේ, කෝපි සහ දුම්කොළ වගා ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වුණා. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය…

Read More

වසර හතරක කාලයක් තුළ දී නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියක් ලක්ෂ 596ක් වටිමනාමකින් යුත් මුදල් සහ දේපලවල හිමිකාරිත්වය දැරීම යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔවුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ආණ්ඩුව ලබන දෙසැම්බර් 10 යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (29) නියෝග කළා. එම නඩුවේ පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු ලේඛන අතරින් සමහර ලේඛන මේ දක්වා ලැබී නොමැති බව පළමුවන විත්තිකාර යෝශිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දැනුම් දුන්නා. එකී ලේඛන සියල්ල ලැබීමෙන් පසුව පැමිණිල්ල විසින් තමා වෙත ඉදිරිපත්කර ඇති යෝජිත සලකා බැලීම් 104…

Read More

ඉන්දියාවෙන් පිටුවහල් කළ මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ මෙම සැකකරුවන් ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු බව ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා කර තිබුණි. මෙම තිදෙනා මීට දින 15කට පෙර බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව වාර්තා වේ. ඉන්දියාවට පැමිණ රැඳී සිටීමට මෙම තිදෙනා සතුව කිසිදු ලියකියවිලි නොමැති බව අනාවරණය විය. ශ්‍රී ලංකාවේ මෙම තිදෙනාට එරෙහිව විවිධ නඩු විභාග වෙමින් පවතින බව ද වාර්තා වේ. මෙම තත්ත්වය තුළ, ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් තිදෙනා පිටුවහල් කර ඇති…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව බලා පිටත්වී තිබේ. ඒ ඔහුගේ ආසියානු සංචාරයේ අවසාන නැවතුම ලෙසය. එහිදී ඔහු දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පවත්වනු ඇත. එම සංචාරය අතරතුර දකුණු කොරියාව සහ අමෙරිකාව අතර වෙළඳ ගිවිසුමක් පිලිබඳව සාක්ච්ඡා කිරීමටද නියමිතව තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #DonaldTrump #SouthKorea #AsiaTour #LeeJaeMyung #XiJinping #TradeTalks #USKoreaRelations #Diplomacy #InternationalRelations #PoliticalVisit

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්ය. මෙම නීතීඥවරිය අද (28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සදහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිළධාරීන් විසින් රැගෙන ආ ගනේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණි. සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනි අවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවේය.…

Read More

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ. සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇති බව සඳහන්ය. අනතුරුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට පසුගිය 24 වනදා අදාළ සැකකරු විසින් පහරදී ඇති බවට පැවසෙන අතර පහරකෑමෙන් තුවාල ලැබු උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබාගෙන ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බද්දේගම #ප්‍රාදේශීයසභාව #පහරදීම…

Read More