Author: Samudra Maduwnthi

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ. පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇත. ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක් මෙම වැඩතහනම් කිරීමට හේතු වී ඇති බව සඳහන් වෙයි. ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #වැල්ලවාය #මහෙස්ත්‍රාත් #මංජුලරත්නායක #වැඩතහනම් #පොලිස්පති #අධිකරණසේවා #කොමිෂන්සභාව #විමර්ශනය #නඩුතීන්දු #නියෝගය

Read More

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මතමුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවද දැනුම් දුන්නා. අනතුරුව…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් සිදුකළ ඉල්ලීමක් හේතුවෙන්ය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පාර්ලිමේන්තු #මන්ත්‍රීවරු #ආරක්ෂාව #පොලිස්පති #ප්‍රියන්තවීරසූරිය #විපක්ෂය #කථානායක #ජගත්වික්‍රමරත්න #සාකච්ඡාව #ශ්‍රීලංකා

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරු 7ට පමණ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවයි. ගැටුමට බාහිර පාර්ශ්වයක් මැඳිහත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #රුහුණුවිශ්වවිද්‍යාලය #මාතර #සිසුන් #ගැටුම #පොලීසිය #තුවාල #කළමනාකරණපීඨය #පරීක්ෂණ #සිද්ධිය #ශ්‍රීලංකා

Read More

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් තම බාල සොහොයුරා වන ඇන්ඩෘ කුමරු එම රජ පවුලෙන් ඉවත් කර තිබෙනවා. ලිංගික ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු හා සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍යය රාජකීයයන් වෙසෙන ‘වින්ඩ්සර්’ මාලිගයෙන් ද නෙරපා හැරීමට තීරණය කර ඇති අතර, රාජකීයයන්ගෙන් ඔහු ඈත් කර තැබීමේ උත්සාහයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි බකිංහැම් මාලිගය සඳහන් කළේ. සියලු තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ඇන්ඩෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙස හඳුන්වනු ඇති බවද සඳහන්. චාල්ස් රජුගේ බාල සහෝදරයා මෙන්ම, අභාවප්‍රාප්තඑලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන ඇන්ඩෘ කුමරු මේ වන විට 65 වන වියේ පසුවනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බ්‍රිතාන්‍ය…

Read More

භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරන බහාලුම් මලු (ෂොපින් බෑග්) නොමිලේ ලබාදීම හෙට (01) සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව, ෂොපින් බෑග් ලබාදෙන්නේ නම් ඒ සඳහා මිලක් අය කළ යුතු අතර, ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් 01 වැනිදා නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා. වෙළෙන්දෙකු විසින් පාරිභෝගිකයාට නොමිලේ ෂොපිං බෑග් ලබාදීම නොකළ යුතු බවත්, ෂොපිං බෑග් ලබා දෙන්නේ නම්, ඒ සඳහා අය කරන ගාස්තුව ද බිල්පතෙහි සඳහන් කළ යුතු බවත්, ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ද ව්‍යාපාරික ස්ථානයෙහි ප්‍රදර්ශනය කළ යුතු බවයි එම ගැසට්‌ නිවේදනයේ දක්වා තිබෙන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ShoppingBagPolicy #SriLankaNews #ConsumerRights #FreeShoppingBags #RetailRegulations…

Read More

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදුකර තිබුණි. ඒ අනුව ඊයේ (30) සවස සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයක් තිදෙනෙකුවය. සැකකරුවන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 165ක් සොයාගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන්…

Read More

සටන් විරාමය දීර්ඝ කිරීමට පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය එකඟ වී තිබේ. ඉස්තාන්බුල්හි පැවති සාකච්ඡා වලින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව තුර්කිය නිවේදනය කළේ ය. සටන් විරාමය පසුගිය ඔක්තෝබර් 19 වැනිදා ආරම්භ වුණි. 2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු දෙරට අතර දේශසීමා ගැටුම් ඇති වුණි. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම මාසයේ පාකිස්ථාන ගුවන් ප්‍රහාර මෙන්ම ඇෆ්ගනිස්ථාන වෙඩි ප්‍රහාරද නිරන්තරයෙන් වාර්තා වන බවය. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සටන්විරාමය #පාකිස්තානය #ඇෆ්ගනිස්ථානය #ඉස්තාන්බුල් #සැකසුම් #දේශසීමා #තලේබාන් #ගුවන්ප්‍රහාර #වෙඩිප්‍රහාර

Read More

එළැඹෙන නොවැම්බර් මස 14 වැනිදා ඇරැඹීමට නියමිත අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ සිට සක්‍රිය වන 2025/26 පළමු පෙළ දේශීය රග්බි තරගවාරයේදී ක්‍රීඩා සමාජවලට එක් විදෙස් ක්‍රීඩකයකු බැගින් සිය කණ්ඩායම් සඳහා එක් කර ගැනීමට හැකි බව නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් සම්බන්ධ කරගත හැකි බවට මින් පෙර රග්බි විධායක කමිටුව විසින් දැනුම් දී තිබූ නමුත්, පළමු පෙළ ක්‍රීඩා සමාජ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. සිය අයවැය සම්බන්ධව සහ තරගවාරය ආරම්භ වීමට ඇති සීමිත කාලසීමාව පිළිබඳව ක්‍රීඩා සමාජ වෙතින් සිදු කළ කරුණු දැක්වීම මේ…

Read More

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ දින (30) සවස වනවිට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගියේය. මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් සිටින බවයි. රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුව වසරක දී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්ථාගත ආදායම ලබා තිබීම සුවිශේෂීය. මෙලෙස ලැබූ ආදායම්වලින් රුපියල් බිලියන 630ක්ම අන්තර්ගතව ඇත්තේ මෝටර් රථවලින් වලින්ය. ඒ අනුව වසර අවසන් වනවිට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක්…

Read More