Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
කළුතර නගර මධ්‍යයේ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතාව අතරතුර ඇතිවූ පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කළුතර නගර සභා මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා ඇප මත මුදාහැරීමට කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. පා.ම. අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සජබ ක්‍රියාකාරින් පිරිසක් ඊයේ (28) පස්වරුවේ පැවැත්වූ විරෝධතාව අතරතුර අදාළ මන්ත්‍රීවරයා පුද්ගලයකුට පහරදුන් සිද්ධියකට අදාළව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ පහරකෑමට ලක්වූ පුද්ගලයා විරෝධතාව ඉදිරිපිට සිය යතුරුපැදිය නවතා “බත් කන හරක් තවමත් සිටිනවාදැයි” විමසා තිබේ. ඊට උරණවූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව පහරකෑ පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර…
දූෂණ වංචා ක්‍රියාකාරකම් සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර තිබේ. මිං පවුල ලෙස කුප්‍රකට මෙම චීන ජාතිකයි විසින් මියන්මාරයේ ලාක්කායිං නගරයේ දූෂිත ක්‍රියාකාරම් සහිත කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලාක්කායිං නගරය චීන දේශ සීමාවට ආසන්නව පිහිටා ඇති අතර එය මිං පවුලේ පරම්පරා කිහිපයක බලයට යටත්ව පාලනය වූ ප්‍රදේශයක් බව සඳහන් වේ. මෙම පිරිස විසින් කැසිනෝ, ගණිකා මඩම්, පුද්ගල පැහැර ගැනීම්, මුල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා රැසක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම කඳවුරුවල බොහෝ චීන වැසියන් සේවය කර ඇත. 2023…
කතෝලික පියතුමාට පහරදුන් සිද්ධියේ පොලිස් නිලධාරින් හයදෙනාට ඇප කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැර තිබේ. ඒ, ඊට අදාළ නඩුව අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය. එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව සඳහන් වේ. සැකකාර පොලිස් නිලධාරින්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ වැඩතහනම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට ද අධිකරණය නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගෙන් තිදෙනෙකු පියතුමා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයෙකු පහර දුන් බව ද…
සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වෙන විට ඔහුගේ වයස අවුරුදු 89ක්. කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුලු, චංචල රේඛා, ඈතින් ඈතට, යලි හමුව්න්නයි, බඹර කලාපේ යන චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණයක කළ චිත්‍රපට අතරින් කිහිපයක්.
විදේශ කටයුතු‚ විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදු කළ එජාප හිටපු මන්ත්රීිවරයෙකු කොටු කර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් සමත් වී තිබෙනවා. ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත් රුැසක් ද නිළධාරීන් භාරයට ගැනීමටයි කටයුතු කෙරුණේ. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත්, ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය වී තිබෙනවා. සැකකරු…
“අද උදෑසන බැංගලෝරයේ දී කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමති සිද්ධාරමයියා මහත්මා හමුවීම අතිශය සතුටුදායක අත්දැකීමක් විය. ඉන්දියාවේ අතිශය ජ්‍යෙෂ්ඨ හා ගෞරවයට පාත්‍ර වූ නායකයෙකු හමුවීම මට විශාල ගෞරවයක් විය. මෙම හමුවේදී ඉන්දියා–ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා, කර්ණාටකයේ සංවර්ධන හා සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළෙමු. එමෙන්ම ශ්‍රී ලංකාවට මඟපෙන්වීමක් විය හැකි තාක්ෂණය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හොඳ පුරුදු (best practices) පිළිබඳ අදහස්ද හුවමාරු කර ගත්තෙමු. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස කර්ණාටකය තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන යන ආකාරය දැකීම ප්‍රසාදජනක විය.”
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පසුගිය 22 වනදා මෙරටට පැමිණි මෙම නියෝජිත පිරිස දිවයින පුරා සංචාරය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැක බලා ගත් අතර, එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයයථා තත්ත්වයට පත්වෙමින් තිබියදීසිදු වූ මෙම ව්‍යසනය සහ ඒ හමුවේ මුහුණදීමට සිදුවූ පීඩාකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ නියෝජිත පිරිස ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයටසහ ජන ජීවිතය යළි ගොඩනැංවීමට රජය ගත් කඩිනම් පියවර…
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට, රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇත. එමෙන්ම ඔහුට වසර 4ක සිරදඬුවමක් ද නියම කර ඇති අතර, එම දඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමටද අධිකරණය තීරණය කර අති බව වාර්තා වේ. මෙම නඩුවේදී තමිම් රහ්මාන් තරග පාවාදීම සම්බන්ධයෙන් ඇති චෝදනාව පිළිගෙන ඇති බව වාර්තා වේ.
2022 වසරේ මැයි මස 09 වන දා අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබා ගත් හිටපු මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට අද දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර්…
යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය යාපනය මහ නගර සභාවට නියම කළා. යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ වෛද්‍යවරියක ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. පෙත්සමේ නීතිඥවරයා කියා සිටියේ යාපනය ප්‍රදේශයේ සිදුවන විවෘත කසල දහනය හේතුවෙන් දැඩි වායු දූෂණයක් සිදු වන බවයි. දකුණු ඉන්දියාව වෙතින් සුළග මාර්ගයෙන් ඇදී එන අපද්‍රව්‍ය හේතුවෙන් ද ප්‍රදේශයේ විශාල වායු දූෂණයක් සිදූවූ බවත් ඔහු පෙන්වා දුන්නා. ඊට අදාළ වාර්තා ද ඔහු ඉදිරිපත් කළා. කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම…
